“තාත්තා අද හිටියනම් ගොඩක් සතුටු වේවි” නව ටෙස්ට් නායකයා ප්‍රධාන අරමුණත් පහදයි

Date:

ටෙස්ට් කණ්ඩායමේ නායකයා ලෙස සිය ප්‍රධාන අරමුණ වන්නේ මේ වන විට ශ්‍රේණිගත කිරීම්හි 8 වැනි ස්ථානයේ රැදී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම ශ්‍රේණිගත කිරීම්හි පියවරෙන් පියවර ඉදිරියට රැගෙන යාම බව ශ්‍රී ලංකා ටෙසට් ක්‍රිකට් කණ්ඩායමේ නව නායක ධනංජය ද සිල්වා පවසනවා.

ඇෆ්ඝනිස්තානය සමග සිකුරාදා (2) ආරම්භ වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සදහා අද(1) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු ඒ බව සදහන් කළා.

පිතිකරණයේ දී මෙන්ම පන්දු යැවීමේ දී ද ක්‍රීඩකයින් ධනාත්මක අයුරින් ක්‍රීඩා කිරීමේ වැදගත්කම ද මෙහිදී ධනංජය විසින් පෙන්වා දුන්නා.

මේ අතර, තමා ටෙස්ට් නායකත්වයට පත් වීම සම්බන්ධයෙන් සිය පියා ජීවතුන් අතර සිටියේනම් බොහෝ සෙයින් සතුටට පත් වනු ඇති බව ද ධනංජය ද සිල්වා වැඩිදුරටත් කියා සිටියා.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...