ඔස්ට්‍රේලියානු වමත් වේග පන්දු යවන්නියට පිළිකා රෝගයක් නිසා WPL අහිමි වෙයි

Date:

ඔස්ට්‍රේලියානු වමත් වේග පන්දු යවන ක්‍රීඩිකා Lauren Cheatle ට දේශීය තරග වාරයේ ඉතිරි තරග හා එළඹෙන කාන්තා ප්‍රිමියර් ලීග් (WPL) ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, ඇයට සිය ගෙලෙහි සමේ පිළිකා රෝගයක් සඳහා වන වෛද්‍ය ක්‍රියා පටිපාටියකට භාජනය වීමට සිදුව ඇති බැවින්.

ඇය 2021 වසරේ දී ද සමේ පිළිකා රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ගනු ලැබුවා.

පෙබරවාරි 23 වැනිදා ආරම්භ වීමට නියමිත මෙවර කාන්තා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී ඇය ගුජරාට් ජයන්ට්ස් කණ්ඩායමයි නියෝජනය කිරීමට නියමිතව සිටියේ.

නිමා වූ කාන්තා බිග් බෑෂ් ලීග් තරගාවලියේ දී සිඩ්නි සික්සර්ස් කණ්ඩායමට වෙනුවෙන් ක්‍රීඩා කළ Lauren Cheatle කඩුලු 21 ක් දවා ගැනීමට සමත් වූ අතර, මෙවර WNCL තරග වාරයේ දී ඇය මේ දක්වා නිව් සවුත් වේල්ස් කණ්ඩායම නියෝජනය කරමින් කඩුලු 11 ක් බිද හෙලා තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...