බෂීර්ට ටෙස්ට් වරම් – දෙවැනි තරගයට එංගලන්තයෙන් වෙනස්කම් දෙකක්

Date:

ඉන්දියාව සමග හෙට(2) විසාකාපට්නම් හී දී ආරම්භ වීමට නියමිත දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා ක්‍රීඩා කරන සංචාරක එංගලන්ත කණ්ඩායම නම් කර තිබෙනවා.

ඒ අනුව 20 හැවිරිදි දග පන්දු යවන ක්‍රීඩක ශොයිබ් බෂීර් හෙට තරගයේ දී ටෙස්ට් වරම් දිනා ගන්නා බවයි එංගලන්ත ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

වීසා නොලැබීම හේතුවෙන් ඔහුට පළමු ටෙස්ට් තරගය ආරම්භ වීමට පෙර ඉන්දියාවට පැමිණීමට නොහැකි වුණා.

පළමු ටෙස්ට් තරගය හා සැසදීමේ දී එංගලන්ත කණ්ඩායමට තවත් වෙනස්කමක් සිදු කර ඇති අතර, ඒ අනුව කණ්ඩායමේ එකම වේග පන්දු යවන්නා ලෙස ජේම්ස් ඇන්ඩර්සන් ක්‍රීඩා කිරීමට නියමිතව ඇති බව නායක බෙන් ස්ටොක්ස් අද තහවුරු කර සිටියා.

හයිදරාබාද් හී දී පැවැති පළමු ටෙස්ට් තරගයේ දී කිසිදු කඩුල්ලක් දවා ගැනීමට නොහැකි වූ මාර්ක් වුඩ් වෙනුවටයි ඇන්ඩර්සන් කණ්ඩායමට කැදවා ඇත්තේ.

පළමු තරගයේ දී දණහිසක ආබාධයකට ලක් වූ දග පන්දු යවන ක්‍රීඩක ජැක් ලීච්ට හෙට ආරම්භ වන දෙවැනි ටෙස්ට් තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

දෙරට අතර පැවැති පළමු තරගයෙන් ලකුණු 28 ක ජයක් ලැබූ එංගලන්තය මේ වන විට තරග පහකින් යුත් තරගාවලිය තරග 1-0 ක් ලෙස පෙරමුණ හිමි කර ගෙන සිටින අතර, දෙවැනි තරගය හෙට පෙරවරු 9.30 ට ආරම්භ වීමට නියමිතයි.

England XI :

Zak Crawley, Ben Duckett, Ollie Pope, Joe Root, Jonny Bairstow, Ben Stokes (c), Ben Foakes (wk), Rehan Ahmed, Tom Hartley, Shoaib Bashir, James Anderson.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...