U19 CWC : ඉන්දියාවට ලකුණු 214 ක දැවැන්ත ජයක් ; පාකිස්තානය හමුවේ අයර්ලන්තය පරදියි

Date:

දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන මෙවර යොවුන් එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 6 වටය යටතේ ඉන්දියාව ක්‍රීඩා කළ පළමු තරගයෙන් නවසීලන්තයට එරෙහිව ලකුණු 214 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට ඉන්දීය යොවුන් ක්‍රීඩකයින් සමත් වුණා.

Bloemfontein හි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 295 ක් ලබා ගනිමින් නියමිත පන්දුවාර 50 අවසන් කළා.

Musheer Khan ලකුණු 131 ක් රැස් කළේ පන්දු 126 කින්. එය මෙවර තරගාවලියේ දී ඔහු වාර්තා කළ දෙවැනි ශතකයයි. පන්දු යැවීමේ දී Mason Clarke ලකුණු 62 කට කඩුලු 4 ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ සියලු දෙනා පන්දුවාර 28.1 ක් තුළ ලකුණු 81 කට දැවී ගියා.

පන්දු යැවීමේ දී Saumy Pandey ලකුණු 19 කට කඩුලු 4 ක් දවා ගත් අතර, Raj Limbani හා Musheer Khan කඩුලු 2 බැගින් බිද හෙලුවා.

මේ අතර, අයර්ලන්තය හා පාකිස්තානය අතර පැවැති සුපිරි හය වටයේ තරගයෙන් පාකිස්තාන යොවුන් කණ්ඩායම කඩුලු තුනක ජයක් හිමි කර ගත්තා.

පළමුව පන්දුවට පහරදුන් අයර්ලන්ත යොවුන් කණ්ඩායම පන්දුවාර 48.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 181 ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තාන යොවුන් පිල පන්දුවාර 43.4 ක් අවසානයේ කඩුලු 7ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...