තරග රටා ත්‍රිත්වයෙන්ම යුත් සංචාරයක් අරඹමින් ඇෆ්ඝනිස්තාන පිල දිවයිනට

Date:

ශ්‍රී ලංකා තරග සංචාරය ආරම්භ කරමින් ඇෆ්ඝනිස්තාන ටෙස්ට් සංචිතයේ ක්‍රීඩකයින් ඊයේ (30) රාත්‍රී කාලයේ දී දිවයිනට පැමිණියා.

හෂ්මතුල්ලාහ් ශහීඩිගේ නායකත්වයෙන් යුත් ඇෆ්ඝනිස්තාන ටෙස්ට් සංචිතයට ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත්.

ඇෆ්ඝනිස්තාන පිලේ මෙම ශ්‍රී ලංකා තරග සංචාරයට ටෙස්ට් තරගයක්, එක්දින තරග තුනක් හා 20යි 20 තරග තුනක් ඇතුළත්.

ටෙස්ට් තරගය පෙබරවාරි දෙවැනිදා සිට කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එක්දින තරගාවලියේ සියලු තරග මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිත අතර, පෙබරවාරි 09, 11 හා 14 යන දිනවලදී එම එක්දින තරග 3 පැවැත්වීමට නියමිතයි.

20යි 20 තරගාවලිය පෙබරවාරි 17, 19 හා 21 යන දිනවලදී දඹුල්ල ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ධනංජය ද සිල්වා ටෙස්ට් නායකත්වයට පත් වීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු ටෙස්ට් තරගය වන්නේ මෙම තරගයයි.

තරගය සදහා වන ශ්‍රී ලංකා සංචිතය මෙතෙක් නිල වශයෙන් නිවේදනය කර නැහැ.

දෙරට අතර පැවැත්වෙන ටෙස්ට් තරගය ප්‍රේක්ෂකයින්ට නොමිලේ නැරඹීමේ අවස්ථාව ලබා දීමට ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

Afghanistan squad:

Hashmatullah Shahidi (c), Ibrahim Zadran, Abdul Malik, Noor Ali Zadran, Rahmat Shah (vc), Bahir Shah, Nasir Jamal, Ikram Alikhil (wk), Mohammad Ishaq (wk), Qais Ahmad, Zia-ur-Rehman, Zahir Khan, Yamin Ahmadzai, Nijat Masood, Mohammad Saleem, Naveed Zadran

Match Officials for the Test Match

Chris Broad – ICC Elite Referee
Michael Gough – ICC Elite Umpire
Alex Wharf – ICC Umpire
Chris Brown – ICC Umpire
Prageeth Rambukwella – ICC umpire

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...