ශ්‍රී ලංකා – ඇෆ්ඝනිස්තාන ටෙස්ට් තරගය ගැන ප්‍රේක්ෂකයින්ට දැනුම් දීමක්

Date:

ශ්‍රී ලංකාව හා ඇෆ්ඝනිස්තානය අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගය නොමිලේ නැරඹීමේ අවස්ථාව ප්‍රේක්ෂකයින්ට ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ අනුව දොරටු අංක 4 හා 9 ඔස්සේ ප්‍රේක්ෂකයින්ට ක්‍රීඩාංගනයට ඇතුළු වීම සදහා අවස්ථාව ලබා දී ඇති බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ශ්‍රී ලංකා තරග සංචාරය ආරම්භ කරමින් ඇෆ්ඝනිස්තාන කණ්ඩායම අද(30) රාත්‍රී කාලයේ දී දිවයිනට පැමිණීමට නියමිතයි.

ඇෆ්ඝනිස්තාන පිලේ ශ්‍රී ලංකා සංචාරයට ටෙස්ට් තරගයක්, එක්දින තරග තුනක් හා 20යි 20 තරග තුනක් ඇතුළත්.

ටෙස්ට් තරගය පෙබරවාරි දෙවැනිදා සිට කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Afghanistan squad:

Hashmatullah Shahidi (c), Ibrahim Zadran, Abdul Malik, Noor Ali Zadran, Rahmat Shah (vice-capt), Bahir Shah, Nasir Jamal, Ikram Alikhil (wk), Mohammad Ishaq (wk), Qais Ahmad, Zia-ur-Rehman, Zahir Khan, Yamin Ahmadzai, Nijat Masood, Mohammad Saleem and Naveed Zadran

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...