ජේ ෂාහ් ආසියාවේ මුල් පුටුව අත්හරිමින් ලෝකයේම ක්‍රිකට් ප්‍රධානියා වීමේ සූදානමක

Date:

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ ෂාහ් ආසියානු ක්‍රිකට් කවුන්සලයේ සභාපතිධූරයෙන් ඉවත් වීමට සූදානමින් පසුවන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

නොවැම්බර් මාසයේ දී ජගත් ක්‍රිකට් කවුන්සලයේ (අයි.සී.සී) සභාපතිධූරය සදහා තරග කිරීමේ අරමුණින් ඔහු එම ධූරයෙන් ඉවත් වීමට සූදානමින් සිටින බවයි එම මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.

2020 නොවැම්බර් මාසයේ සිට අයි.සී.සී සභාපතිධූරයේ කටයුතු කරන්නේ නවසීලන්ත ජාතික Greg Barclay.

ජේ ෂාහ් අයි.සී.සී සභාපති ධූරයට තේරී පත් වුවහොත් එම තනතුරට පත් වන තෙවැනි ඉන්දීය ජාතිකයා වන්නේ ඔහුයි.

මීට පෙර ඉන්දියාවේ එන් ශ්‍රීනිවාසන් හා ශශාන්ක් මනෝහාර් අයි.සී.සී සභාපතිධූරයේ කටයුතු කළා.

මේ අතර, ආසියානු ක්‍රිකට් කවුන්සලයේ වාර්ෂික මහා සභා රැස්වීම හෙට(31) ඉන්දුනීසියාවේ බාලි නුවර දී පැවැත්වීමට නියමිතයි.

එහිදී ආසියානු ක්‍රිකට් කවුන්සලයේ සභාපතිධූරය, මීළග ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙන රට, රූපවාහිනී විකාශන අයිතිය වැනි කරුණු කිහිපයක් කෙරෙහි අවධානය යොමු කිරීමට නියමිතව තිබෙනවා.

මීළග ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය පන්දුවාර 20යි 20 තරග රටාවෙන් පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...