ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තහනම ඉවතට

Date:

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව පැනවූ ක්‍රිකට් තහනම අද(28) ඉවත් කෙරුණා.

අයි.සී.සී ය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ වහාම ක්‍රියාත්මක වන පරිදි එම තහනම ඉවත් කිරීමට කටයුතු කර ඇති බවයි.

ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් ද ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මීට පෙර මේ බව සදහන් කළා.

ක්‍රිකට් ආයතනයේ පරිපාලනයට දේශපාලන මැදිහත් වීම් සිදු වන බව පවසමිනුයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාමාජිකත්වය අත්හිටුවීමට අයි.සී.සීය පසුගිය නොවැම්බර් 10 වැනිදා පියවර ගත්තේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සාමාජිකයෙකු ලෙස සිය බැදීම් බරපතල ලෙස කඩකරමින් සිටින බව අයි.සී.සී මණ්ඩලය එදින රැස් වූ අවස්ථාවේ දී තීරණය කර තිබුණා.

විශේෂයෙන්ම, ක්‍රිකට් ආයතනයේ කටයුතු ස්වාධීනව කළමනාකරණය කිරීමේ අවශ්‍යතාවය හා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ පාලනය, නියාමනය සහ/හෝ පරිපාලනය සඳහා රජයේ මැදිහත්වීමක් සිදු නොවන බවට සහතික වීමට නොහැකි වීම එම තීරණය ගැනීමට හේතු වූ බවයි අයි.සී.ය සදහන් කළේ.

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය අත්හිටුවමින් ක්‍රිකට් ආයතනයේ පරිපාලන කටයුතු වෙනුවෙන් ක්‍රිකට් අතුරු කමිටුවක් පත් කිරීමට තීරණය කිරීමත් සමග අයි.සී.සීය එම පියවර ගත්තා.

කෙසේ වෙතත්, අදාළ අතුරු කමිටුව අවලංගු කිරීමටයි නව ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස පත් වූ හරීන් ප්‍රනාන්දු මහතා පසුගිය දෙසැම්බර් 12 වැනිදා තීරණය කළේ.

දේශපාලන මැදිහත් වීම් හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවා තිබුණ ද, පසුගිය නොවැම්බර් 21 වැනිදා පැවැති අයි.සී.සී රැස්වීමේ දී තීන්දු කෙරුණේ ශ්‍රී ලංකාවට තවදුරටත් ජාත්‍යන්තර තරග සදහා ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබා දීමටයි.

නමුත්, මෙරට දී පැවැත්වීමට නියමිතව තිබූ වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය දකුණු අප්‍රිකාව කරා රැගෙන යාමට අයි.සී.සීය කටයුතු කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...