පෝප්ගේ නොදැවුණු ශතකය හමුවේ එංගලන්තය යළි සටනට – ලකුණු 126 ක් ඉදිරියෙන්

Date:

සංචාරක එංගලන්ත කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන තරග 5කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ තෙවැනි දිනය අද(27) හයිදරාබාද් හී දී නිමා වුණේ තරගයේ වැඩි පාලනය තවදුරටත් ඉන්දියාවට හිමි කර දෙමින්.

කෙසේ වෙතත්, ඔලී පෝප් නොදැවී වාර්තා කළ ශතකය හමුවේ යළි සටනට අවතීර්ණ වීමට එංගලන්තය මේ වන විට සමත්ව සිටින අතර, දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්තය කඩුලු 6 ක් දැවී ලකුණු 316 ක් ලබා සිටියා.

ඒ අනුව ඔවුන් මේ වන විට දෙවැනි ඉනිමේ දී ඉන්දියාවට වඩා ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 126 ක්.

පෝප් නොදැවී ලකුණු 148 ක් ලබා සිටින්නේ හතරේ පහර 17 ක් ද සමගින්. බෙන් ඩකට් ලකුණු 47කටත්, සැක් ක්‍රව්ලි ලකුණු 31 කටත් දැවී ගියා. ජෝ රූට් ලබා ගත්තේ ලකුණු දෙකක් පමණයි. ජොනී බෙයාර්ස්ටව් ලකුණු 10 කට දැවී ගිය අතර, නායක බෙන් ස්ටොක්ස් ලකුණු හයයි.

බෙන් ෆෝක්ස් ලකුණු 34 ක් රැස් කළා. ෆෝක්ස් හා පෝප් අතර 6 වැනි කඩුල්ල සදහා ලකුණු 112 (183) ක විශිෂ්ඨ සම්බන්ධතාවයක් ගොඩ නැගුණේ ඉනිමේ 5 වැනි කඩුල්ල ලකුණු 163 ක් තුළ බිද වැටුණු පසුබිමකයි.

පන්දු යැවීමේ දී ජස්ප්‍රිට් බුම්රා හා රවිචන්ද්‍රන් අශ්වින් කඩුලු දෙක බැගින් බිද හෙලුවා.

දිනය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දියාව කඩුලු 7ක් දැවී ලකුණු 421 ක් ලබා සිටි අතර, ඔවුන් සියලු දෙනා දැවී ලකුණු 436 ක් ලබා ගත්තා. ඒ, කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය සියලු දෙනා දැවී පළමු ඉනිමට ලබා ගත් ලකුණු 246 ට පිළිතුරු වශයෙන්.

රවීන්ද්‍ර ජඩේජා ලකුණු 87 ක්, කේ එල් රාහුල් ලකුණු 86 ක් හා යශස්වි ජයිස්වාල් ලකුණු 80ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී ජෝ රූට් ලකුණු 79 කට කඩුලු 4 ක් දවා ගත් අතර, ටොම් හාර්ට්ලි හා රෙහාන් අහ්මඩ් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...