ජොෂුවා හා හොඩ්ජ් කොදෙව්වන් සටන්කාමී ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි

Date:

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද(25) බ්‍රිස්බේන් හී දී දිවා රාත්‍රී තරගයක් ලෙස ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ කොදෙව්වන් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර, ඔවුන් දිනය නිමා වන විට කඩුලු අටක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 266 ක්.

ඉනිමේ පළමු කඩුලු පහ ලකුණු 64 ක් තුළ දැවී ගිය අතර, පසුව 6 වැනි කඩුල්ල සදහා ලකුණු 149 (312)ක සම්බන්ධතාවයක් පිහිටුවීමට ජොෂුවා ද සිල්වා හා Kavem Hodge සමත් වුණා.

ජොෂුවා ද සිල්වා ලකුණු 79 ක් රැස් කළ අතර, Kavem Hodge ලකුණු 71 ක් රැස් කළා. අල්සාරි ජෝසප් ලකුණු 32 යි. තගෙනරීන් චන්ද්‍රපෝල් හා Kirk McKenzie ලකුණු 21 බැගින් ලබා සිටියදී දැවී ගියා.

පන්දු යැවීමේ දී මිචෙල් ස්ටක් ලකුණු 68 කට කඩුලු 4ක් බිද හෙලුවා. ජොෂ් හේසල්වුඩ් කඩුලු දෙකක් දවා ගත්තේ ලකුණු 32 ක් ලබා දෙමින්.

දෙරට අතර පැවැති පළමු තරගය කඩුලු 10කින් ජය ගත් ඔස්ට්‍රේලියාව මේ වන විට තරග 1-0 ක් ලෙස තරගාවලියේ පෙරමුණ හිමි කර ගෙන සිටිනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...