ජයිස්වාල් හා දග පන්දු යවන්නන් පළමු දිනයේ ගෞරව ඉන්දියාවට හිමි කර දෙයි

Date:

සංචාරක එංගලන්ත කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන තරග 5කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද(25) හයිදරාබාද් හී දී ආරම්භ වුණා.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය සියලු දෙනා දැවී පළමු ඉනිමට ලකුණු 246 ක් ලබා ගත් අතර, පිළිතුරු ලෙස ඉන්දියාව අද දිනය නිමා වන විට සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුල්ලක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 119 ක්.

ඒ අනුව ඉන්දියාව මේ වන විට පළමු ඉනිමේ දී පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 127 ක්.

යශස්වි ජයිස්වාල් නොදැවී ලකුණු 76 ක් හා ෂුබ්මන් ගිල් නොදැවී ලකුණු 14 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

නායක රෝහිත් ෂර්මා දැවී ගියේ ලකුණු 24 ක් ලබා සිටියදීයි. ජැක් ලීච්ගේ පන්දුවක් හමුවේ බෙන් ස්ටොක්ස් අතට උඩ පන්දුවක් ලබා දී ඔහු දැවී ගියා. ෂර්මා හා ජයිස්වාල් පළමු කඩුල්ල සදහා ලකුණු 80(75) ක සම්බන්ධතාවයක් ගොඩ නැගුවා.

ඉන්දීය පළමු ඉනිමේ දී එංගලන්තයට හිමිව ඇති විනිසුරු තීරණ නැවත විමසීමේ අවස්ථා (Reviews) තුනම මේ වන විට අවසන්ව තිබීම ද කැපී පෙනෙනවා. පන්දුවාර 13.2 ක් තුළ එම අවස්ථා තුනම අවසන් වූ අතර, එය නව ලෝක වාර්තාවක් බවට පත් වුණේ පන්දු රකින කණ්ඩායමක් සතු Review අවස්ථා තුනම අවසන් වූ අවම පන්දුවාර සංඛ්‍යාව ලෙසයි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය වෙනුවෙන් වැඩිම ලකුණු ප්‍රමාණයක් රැස් කළේ නායක බෙන් ස්ටොක්ස්. ඔහු පන්දු 88 කින් ලකුණු 70 ක් රැස් කළේ හයේ පහර 3ක් හා හතරේ පහර 6ක් සමගින්.

ජොනී බෙයාර්ස්ටව් ලකුණු 37 ක්, බෙන් ඩකට් ලකුණු 35 ක් හා ජෝ රූට් ලකුණු 29 ක් රැස් කළා. සැක් ක්‍රව්ලි හා බෙන් ඩකට් පළමු කඩුල්ලට ගොඩ නැගූ සම්බන්ධතාවය ලකුණු 55 ක්. ක්‍රව්ලි ලකුණු 20 කට දැවී ගියා.

ඉනිමේ හොදම සම්බන්ධතාවය බවට පත් වුණේ ජොනී බෙයාර්ස්ටව් හා ජෝ රූට් අතර 4 වැනි කඩුල්ල සදහා ගොඩ නැගුණු ලකුණු 61 ක සම්බන්ධතාවයයි.

පන්දු යැවීමේ දී රවීන්ද්‍ර ජඩේජා හා රවිචන්ද්‍රන් අශ්වින් කඩුලු 3 බැගින් දවා ගත් අතර, ජස්ප්‍රිට් බුම්රා හා අක්සාර් පටෙල් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...