වනිදුගේ තුන් ඉරියව් දක්ෂතා වයිපර්ස් කණ්ඩායමට ජය ගෙනෙයි (දර්ශන සහිතයි)

Date:

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන International League T20 ක්‍රිකට් තරගාවලියේ 7 වැනි තරගයේ දී තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වමින් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීමට ඩෙසට් වයිපර්ස් කණ්ඩායම නියෝජනය කරන ශ්‍රී ලංකා 20යි 20 නායක වනිදු හසරංග සමත් වුණා.

ඩුබායි හී දී පැවැති තරගයේ දී වයිපර්ස් කණ්ඩායමේ ප්‍රතිවාදීන් වූයේ ගල්ෆ් ජයන්ට්ස් කණ්ඩායමයි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ජයන්ට්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 160 ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ වයිපර්ස් කණ්ඩායම පන්දුවාර 18.4 ක් අවසානයේ කඩුලු 4ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

පන්දු යැවීමේ දී වනිදු හසරංග ලකුණු 26 කට එක් කඩුල්ලක් බිද හෙලුවා.

පිතිකරණයේ දී ද විශිෂ්ඨ ඉනිමක් දියත් කළ ඔහු පන්දු 19 ක් පමණක් වැය කරමින් ලකුණු 42 ක් ලබා ගැනීමට සමත් වුණා.

හයේ පහර දෙකක් හා හතරේ පහර 4ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. ඇඩම් හෝස් ලකුණු 39 යි.

වනිදු හසරංගගේ ඉනිම පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...