නැමීබියාව ලකුණු 56 කට දවා ගනිමින් ශ්‍රී ලංකාව යොවුන් ලෝක කුසලානයේ දෙවැනි ජයත් ලබයි

Date:

පන්දු යවන්නන්ගේ දක්ෂතා හමුවේ නැමීබියා යොවුන් කණ්ඩායම ලකුණු 56 කට දවා ගනිමින් මෙවර දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ දී තමන් ක්‍රීඩා කළ දෙවැනි තරගයෙන් ලකුණු 77ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අද(24) සමත් වුණා.

නැමීබියාවේ ඇරයුමෙන් Kimberley හි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාවට පන්දුවාර 37.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 133 ක් පමණයි.

සියලු පිතිකරුවන් අසාර්ථක වෙද්දී හුදෙකලා සටනක නිරත වූ අංක 3 පිතිකරු වූ සුපුන් වඩුගේ නොදැවී ලකුණු 56 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ඉනිමට යම් සහනයක් ගෙන දුන්නා.

පන්දු යැවීමේ දී Zacheo van Vuuren ලකුණු 23 කට කඩුලු 4 ක් හා Johannes de Villiers ලකුණු 19 කට කඩුලු 3 ක් බිද හෙලුවා.

අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී ගිය ද එම ලකුණු ප්‍රමාණය ආරක්ෂා කර ගැනීමේ අරමුණින් පිටියට පිවිසි ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නැමීබියා කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 56 කට දවා ගත්තේ පන්දුවාර 27 ක් තුළදීයි.

අංක 10 පිතිකරු වූ Peter-Daniel Blignaut නොදැවී ලකුණු 18 ක් ලබා ගත් අතර, අංක 9 පිතිකරු වූ Hanro Badenhorst  ලකුණු 11 කට දැවී ගියා.

පන්දු යැවීමේ දී විශ්ව ලහිරු ලකුණු 19 කට කඩුලු 3ක් දවා ගත් අතර, රුවිෂාන් පෙරේරා ලකුණු 3කට කඩුලු 3 ක් බිද හෙලුවා. දිනුර කලුපහන පන්දුවාර 8ක් තුළ ලකුණු 8කට දවා ගත් කඩුලු ගණන දෙකක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...