මාෂ්ගේ නායකත්වයෙන් ඔස්ට්‍රේලියානු T20 සංචිතය නම් කෙරේ

Date:

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග තුනකින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සදහා වන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කර තිබෙනවා.

මෙම සංචිතයේ ද නායකයා ලෙස මිචෙල් මාෂ් නම් කර ඇති අතර, ඒ අනුව එළඹෙන පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී කණ්ඩායමේ නායකත්වය දැරීමේ වගකීම ද බොහෝ විට ඔහුට පැවරෙනු ඇති.

2022 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසුව එවකට හිටපු නායක ආරෝන් ෆින්ච් විශ්‍රාම ගත් අතර, අනතුරුව මේ දක්වා එරට ක්‍රිකට් ආයතනය විසින් නිත්‍ය 20යි 20 නායකයෙකු නිවේදනය කළේ නැහැ.

ඩේවිඩ් වෝනර්, ටිම් ඩේවිඩ් හා මර්කස් ස්ටොයිනිස් යන ක්‍රීඩකයින් කොදෙව්වන්ට එරෙහි සංචිතය සදහා ඇතුළත්. ඒ අනුව ඔවුන් මේ වන විට ක්‍රීඩා කරමින් සිටින ෆ්‍රැන්චයිස් කණ්ඩායම්වලින් නිදහස් වී ඔවුන්ට යළි ඉදිරියේ දී ඔස්ට්‍රේලියාව බලා පැමිණීමට සිදු වනවා.

පැට් කමින්ස්, මිචෙල් ස්ටක් හා ස්ටීවන් ස්මිත් මෙම තරගාවලියෙන් විවේක ගන්වා තිබෙනවා.

පෙබරවාරි මස අවසානයේ දී නවසීලන්තයේ දී පැවැත්වෙන 20යි 20 තරගාවලිය සදහා ඔවුන් තිදෙනා නම් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය පෙන්වා දෙන්නේ.

ඔස්ට්‍රේලියාව හා කොදෙව්වන් අතර පැවැත්වෙන එක්දින තරගාවලියෙන් විවේක ගැන් වූ ජොෂ් හේසල්වුඩ් 20යි 20 තරගාවලියට නම් කර තිබෙනවා.

මැතිව් ශෝර්ට් ද සංචිතයට නම් කර ඇති අතර, ශෝන් ඇබෝට්, ජේසන් බෙහ්රෙන්ඩොර්ෆ් හා නේදන් ඇලස් ප්‍රධාන වේග පන්දු යවන්නන් ලෙස සංචිතයට ඇතුළත්.

Australia T20I squad vs West Indies:

Mitchell Marsh (c), Sean Abbott, Jason Behrendorff, Tim David, Nathan Ellis, Josh Hazlewood, Travis Head, Josh Inglis, Glenn Maxwell, Matt Short, Marcus Stoinis, Matthew Wade, David Warner, Adam Zampa

T20I Series : Schedule

  • February 9: Blundstone Arena, Hobart
  • February 11: Adelaide Oval
  • February 13: Perth Stadium

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...