ශ්‍රී ලංකා – ඇෆ්ඝනිස්ථාන එක්දින තරගාවලියට වෙනසක්

Date:

ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ එළඹෙන ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙන ක්‍රීඩාංගනයේ වෙනසක් සිදු කර තිබෙනවා.

මීට පෙර තරගාවලිය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතව තිබූ නමුත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද(23) පස්වරුවේ නිවේදනය කළේ තරගාවලියේ සියලු තරග මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට තීරණය කළ බවයි.

කෙසේ වෙතත්, තරගාවලිය පැවැත්වෙන දිනවල වෙනසක් සිදු කර නැහැ. ඒ අනුව නියමිත පරිදි පෙබරවාරි 09, 11 හා 14 යන දිනවලදී එක්දින තරග 3 පැවැත්වීමට නියමිතයි.

ඇෆ්ඝනිස්තාන කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයට ටෙස්ට් තරගයක් හා 20යි 20 තරග තුනක් ද ඇතුළත්.

ටෙස්ට් තරගය පෙබරවාරි දෙවැනිදා සිට කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

අනතුරුව එක්දින තරගාවලිය පැවැත්වෙන අතර, 20යි 20 තරගාවලිය පෙබරවාරි 17, 19 හා 21 යන දිනවලදී දඹුල්ල ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

තරග සංචාරය ආරම්භ කරමින් ඇෆ්ඝනිස්තාන කණ්ඩායම එළඹෙන 30 වැනිදා දිවයිනට පැමිණීමට නියමිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

© SLC

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...