Watch : BPL පිටියේ දී ධනුෂ්ක මුහුණ දුන් අනතුර මෙන්න

Date:

මෙවර බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 5 වැනි තරගයේ දී පන්දුවක් මුහුණේ වැදීමෙන් Durdanto Dhaka කණ්ඩායමේ ශ්‍රී ලංකා පිතිකරු ධනුෂ්ක ගුණතිලක අනතුරකට මුහුණ දුන්නා.

මීර්පූර් හී දී මෙම තරගය ආරම්භ වූ අතර, Durdanto Dhaka කණ්ඩායමේ ප්‍රතිවාදීන් වූයේ Chattogram Challengers කණ්ඩායමයි.

කාසියේ වාසිය දිනූ Challengers කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදීමට පිටියට පිවිසි Dhaka කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වූයේ ධනුෂ්ක ගුණතිලක හා මොහමඩ් නයීම්.

තරගයේ දෙවැනි පන්දුවාරයේ තෙවැනි පන්දුවේ දී යි ධනුෂ්කගේ මුහුණේ පන්දුවක් වැදීමෙන් මෙම අනතුර සිදු වුණේ.

ස්කූප් පහරක් එල්ල කිරීමට ඔහු ගත් උත්සාහයේ දී පිත්තේ දාරයක වැදුණු පන්දුව කෙළින්ම ධනුෂ්කගේ මුහුණේ වැදුණු අතර, එහිදී ඔහුගේ මුහුණෙන් රුධිරය වහනය වීමක් ද සිදු වුණා.

ඒ වන විට ඔහු පන්දු 9කට මුහුණ දී ලබා සිටියේ එක් ලකුණක් පමණයි. අනතුර හේතුවෙන් ධනුෂ්කට පිටියෙන් ඉවත් වීමට ද සිදු වුණා.

එම අනතුරේ දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...