කොන්වේ විවේක ගන්වයි ; රචින් රවීන්ද්‍ර සංචිතයට

Date:

පාකිස්තානය සමග පැවැත්වීමට නියමිත 5 වැනි හා අවසන් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් නවසීලන්ත පිතිකරු ඩැරල් මිචෙල් විවේක ගන්වා තිබෙනවා.

ඔහුගේ කාර්යය ප්‍රමාණය (workload ) කළමනාකරණය කිරීමේ අරමුණින් හා ඉදිරි ජාත්‍යන්තර තරගාවලි පිළිබද අවධානය යොමු කර මෙම තීරණය ගත් බවයි නවසීලන්ත පුහුණුකරු ගැරී ස්ටීඩ් සදහන් කළේ.

මේ වන විටත් නවසීලන්තය තරග 4-0 ක් ලෙස 20යි 20 තරගාවලිය ජය ගෙන සිටීම ද මෙම තීරණය ගැනීමට හේතු වී තිබෙනවා.

ඔහු වෙනුවට රචින් රවීන්ද්‍ර සංචිතයට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ. රචින් මෙම තරගාවලියෙන් මීට පෙර විවේක ගන්වා තිබුණා.

පළමු 20යි 20 තරග 4 තුළ දී ඩැරල් මිචෙල් අර්ධ ශතක දෙකක් වාර්තා කරමින් නවසීලන්ත පිතිකරණ බලඇණිය ශක්තිමත් කළා.

මේ අතර, කොවිඩ් 19 ආසාදනය වූ ආරම්භක පිතිකරු ඩෙවෝන් කොන්වේ අවසන් 20යි 20 තරගයට ක්‍රීඩා කරන්නේ දැයි තරගය පැවැත්වෙන දිනයේ දී තීරණය කරන බව ද ප්‍රධාන පුහුණුකරු කියා සිටියා.

කොවිඩ් 19 ආසාදනය වීම නිසා කොන්වේට දෙරට අතර පැවැති සිව්වැනි 20යි 20 තරගය ද ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වුණා.

5 වැනි හා අවසන් 20යි 20 තරගය හෙට(21) මෙරට වේලාවෙන් අලුයම 5.30 ට ක්‍රයිස්චර්ච්හී දී ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...