අගාවර්ල් දවා ගත් බුම්රාගේ සුපිරි පන්දුව

Date:

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රා යනු මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ සිටින භයානකම වේග පන්දු යවන්නෙකු බව අමුතුවෙන් සදහන් කළ යුතු නොවේ.

ඔහුගේ අසාමාන්‍ය ඉරියව්ව, වේගය මෙන්ම යෝකර් පන්දු යොමු කිරීමේ හැකියාව නිසා පිතිකරුවන් ඔහුට එරෙහිව පහරක් එල්ල කිරීමේ දී දෙවරක් සිතන බව නම් රහසක් නොවේ.

කිංග්ස් ඉලවන් පන්ජාබ් කණ්ඩායම සමග ඊයේ(1) නිමා වූ අයි.පී.එල් තරගය ද ජස්ප්‍රිට් බුම්රා සිය දක්ෂතා යළිත් ප්‍රදර්ශනය කළ තරගයක් බවට පත් වුණා.

එහිදී ඔහු ලකුණු 18ක් පමණක් ලබා දී කඩුලු 2ක් බිද හෙලීමට සමත් වුණා.

තරගයේ ඔහු යොමු කළ පළමු පන්දුවාරයේ දී ප්‍රතිවාදීන්ට ලබා ගත හැකි වූයේ එක් ලකුණක් පමණයි.

එහිදී බුම්රා විසින් මයාන්ක් අගාර්වල්ගේ කඩුල්ල ද දවා ගැනීමට සමත් වුණා.

ඒ ඔහු යොමු කළ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන්.

ඊට අදාළ දර්ශන මෙතනින්

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...