ICC Under-19 World Cup : පළමු දිනයේ දී දකුණු අප්‍රිකාවට හා අයර්ලන්තයට ජය

Date:

2024 වයස අවුරුදු 19න් පහළ එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඊයේ(19) දකුණු අප්‍රිකාවේ දී ආරම්භ වුණා.

තරගාවලිය ආරම්භ කරමින් තරග දෙකක් පැවැති අතර, පළමු තරගයෙන් ඇමෙරිකා එක්සත් ජනපදය පරදා කඩුලු හතක ජයක් වාර්තා කිරීමට අයර්ලන්ත යොවුන් කණ්ඩායම සමත් වුණා.

Bloemfontein හි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඇමෙරිකාව පන්දුවාර 40.2 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 105 ක් පමණයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අයර්ලන්තය පන්දුවාර 22.5 ක් අවසානයේ කඩුලු 3ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

තරගාවලියේ දෙවැනි තරගයේ දී තරග බිමට පිවිසි සත්කාරක දකුණු අප්‍රිකා යොවුන් පිල හමුවේ ලකුණු 31 කින් පරාජයට පත් වූයේ බටහිර ඉන්දීය කොදෙව් යොවුන් කණ්ඩායමයි.

Potchefstroom හි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 285 ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව් යොවුන් පිලට පන්දුවාර 40.1 අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 254 ක් පමණයි.

කොදෙව්වන් තරගයෙන් පරාජයට පත් වුවද, Jewel Andrew පන්දු 96 කින් ලකුණු 130 ක් ලබා ගැනීම කැපී පෙනුණා.

තරගාවලිය යටතේ තවත් තරග දෙකක් අද පැවැත්වෙනවා. එහිදී ඉන්දීය යොවුන් කණ්ඩායම බංග්ලාදේශයට එරෙහිවත්, එංගලන්ත යොවුන් පිල ස්කොට්ලන්තයට එරෙහිවත් තරග වැදීමට නියමිතයි.

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ක්‍රීඩා කරන පළමු තරගය හෙට සිම්බාබ්වේ යොවුන් කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...