Zaka Ashraf පාකිස්තාන ක්‍රිකට් සභාපතිධූරයෙන් ඉල්ලා අස් වෙයි

Date:

Zaka Ashraf පාකිස්තාන ක්‍රිකට් පරිපාලන කටයුතු සිදු කරන අතුරු කළමනාකරණ කමිටුවේ (Interim Management Committee (IMC) ) සභාපති ධූරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

සිකුරාදා ලාහෝර්හි ජාතික ක්‍රිකට් ඇකඩමියේ පැවැති එම කමිටුවේ සිව්වැනි රැස්වීමෙන් පසුවයි ඔහු එම තීරණය ප්‍රකාශයට පත් කර ඇත්තේ.

මීට පෙර ඔහුට මාස තුනක ධූර කාල දිගුවක් ලබා දී තිබූ අතර, එය පෙබරවාරි මස මුල අවසන් වීමට නියමිතව ඇති පසුබිමක Zaka Ashraf මෙලෙස සභාපතිත්වයෙන් ඉල්ලා අස් වී තිබීම විශේෂත්වයක්.

අතුරු කළමනාකරණ කමිටුවේ නව සභාපතිධූරයට පත් වන්නේ කවුරුන්දැයි මෙතෙක් නිවේදනය කර නැහැ.

Zaka Ashraf අතුරු කළමනාකරණ කමිටුවේ සභාපති ලෙස පසුගිය වසරේ ජූලි මාසයේ දී පත් කෙරුණු අතර, අනතුරුව මාස තුනක කාලයක් සදහා යළි ධූර කාල දිගුවක් ලබා දී තිබුණේ නොවැම්බර් මාසයේ දී යි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...