හේසල්වුඩ්ගේ කඩුලු 9 හමුවේ ඔස්ට්‍රේලියාවට කඩුලු දහයක ජයක් – කවාජාට දරුණු අනතුරක් (දර්ශන සහිතයි)

Date:

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 10ක පහසු ජයක් වාර්තා කරමින් දෙරට අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය තරග 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට ඔස්ට්‍රේලියාව අද(19) සමත් වුණා.

තරගය ජය ගැනීම සදහා සිය දෙවැනි ඉනිමේ දී ලකුණු 26 ක ඉලක්කයක් හඹා ගිය ඔස්ට්‍රේලියානුවන් කිසිදු කඩුල්ලක් නොදැවී එම ඉලක්කය සපුරා ගත්තා.

ස්ටීවන් ස්මිත් නොදැවී ලකුණු 11 ක් ලබා ගත් අතර, ඔහු සමග ඉනිම ඇරඹූ උස්මාන් කවාජා ලකුණු 9ක් ලබා සිටියදී පිටියෙන් ඉවත් වුණේ ශමාර් ෂෝසප් යොමු කළ කෙටි පන්දුවක් හිස් ආවාරණයේ වැදීමෙන් සිදු වූ අනතුරක් හේතුවෙන්. (දර්ශන පහතින්) අනතුරුව ඔහුව වෛද්‍ය පරීක්ෂණ සදහා ද ‍පිටත් කර හැර තිබුණා. මර්නස් ලබුෂේන් නොදැවී ලකුණු 1 යි.

තරගයේ තෙවැනි දිනය වූ අද දිනය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි කොදෙව්වන් කඩුලු 6ක් දැවී ලකුණු 73 ක් ලබා සිටි අතර, ඔවුන් සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 120 ක්.

Kirk McKenzie ලකුණූ 26 ක්, ජස්ටින් ග්‍රේව්ස් ලකුණු 24 ක් හා ජොෂුවා ද සිල්වා ලකුණු 18 ක් ලබා ගත්තා.

පළමු ඉනිමේ දී කඩුලු 4ක් දවා ගත් ජොෂ් හේසල්වුඩ් මෙම ඉනිමේ දී බිද හෙලූ කඩුලු ගණණ 5 ක් (ලකුණු 35කට).

ඇඩිලේඩ් හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාවේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් කොදෙව්වන් සියලු දෙනා දැවී ලකුණු 188 ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස ඔස්ට්‍රේලියාව ලබා ගත් ලකුණු සංඛ්‍යාව 283 ක්.

ඔස්ට්‍රේලියානු පළමු ඉනිමේ දී ලකුණු 119 ක් රැස් කළ ට්‍රැවිස් හෙඩ් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවා.

දෙරට අතර පැවැත්වෙන අවසන් ටෙස්ට් තරගය එළඹෙන 25 වැනිදා බ්‍රිස්බේන් හී දී ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...