SLC මාධ්‍ය නිවේදනයට ජොන්ටි රෝඩ්ස්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රතිචාරයක්

Date:

දේශීය පුහුණුකරුවන්ගේ කුසලතා වැඩි දියුණු කිරීම සදහා උසස් පුහුණුවක් ලබාදීම වෙනුවෙන් දකුණු අප්‍රිකානු හිටපු ක්‍රීඩකයෙකු හා පුහුණුකරුවෙකු වන ජොන්ටි රෝඩ්ස් ඇතුළු ජාත්‍යන්තර ප්‍රවීණයින් කිහිප දෙනෙකුගේ සේවය ලබා ගැනීමට සිය ආයතනය තීරණය කළ බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ (18) නිකුත් කළ මාධ්‍ය නිවේදනයට ජොන්ටි රෝඩ්ස් මේ වන විට ආන්දෝලනාත්මක ප්‍රතිචාරයක් දක්වා තිබෙනවා.

ThePapare.com විසින් මේ පිළිබද පල කර ඇති ට්විටර් පණිවිඩයකට ප්‍රතිචාර දක්වමින් ඔහු සදහන් කළේ මේ සම්බන්ධයෙන් තමන් මෙතෙක් දැනුවත්ව නොමැති බවයි.

“හ්ම්… මෙය මට ප්‍රවෘත්තියකි. #ඔබේකරුණුපරීක්ෂාකරන්න”  (Hmmmm @ThePapareSports this is news to me #checkyourfacts) යනුවෙන් ජොන්ටි රෝඩ්ස් සදහන් කර තිබෙනවා.

පුහුණු වැඩසටහන් පවත්වමින් දේශීය පුහුණුකරුවන්ට මෙන්ම භෞතචිකිත්සකයින්ට (local coaches, trainers, physiotherapists) ඔවුන්ගේ කුසලතා සහ නිපුණතා වැඩි දියුණු කිරීම වෙනුවෙන් උසස් පුහුණුවක් ලබාදීම සඳහා ජාත්‍යන්තර ප්‍රවීණයින් කිහිප දෙනෙකුගේ සේවය ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සදහන්ව තිබුණා.

පන්දු රැකීමේ පුහුණුකරුවෙකු වන දකුණු අප්‍රිකානු හිටපු ක්‍රීඩක ජොන්ටි රෝඩ්ස්, ඉන්දීය කණ්ඩායමේ හිටපු වේග පන්දු පුහුණුකරුවෙකු වන භාරත් අරුන් හා හිටපු ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ භෞතචිකිත්සක Alex Kountouri මෙලෙස අදාළ පුහුණු වැඩසටහන් සදහා එක්කර ගැනීමට විධායක කමිටුව තීරණය කර ඇති බවයි ක්‍රිකට් ආයතනය පැවසුවේ.

අදාළ වැඩසටහන මෙම වසරේ දී ආරම්භ කිරීමට නියමිත බව ද ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ නිකුත් කළ මාධ්‍ය නිවේදනය –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...