මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට ලකුණු 48ක ජයක් – Match Report

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 13 වන තරගයෙන් ලකුණු 48ක ජයක් වාර්තා කිරීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් වුණා.

ඔවුන් හමුවේ අබුඩාබි හී දී පැවැති තරගයේ දී පරාජයට පත් වූයේ කිංග්ස් ඉලවන් පන්ජාබ් කණ්ඩායමයි.

තරගයේ කාසියේ වාසිය දිනූ පන්ජාබ් කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව මුම්බායි කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 191ක් රැස් කළා.

නායක රෝහිට් ෂර්මා ලකුණු 70ක් ලබා ගත්තේ පන්දු 45කට මුහුණ දෙමින්.

ඔහුගේ ඉනිමට හයේ පහර 3ක් සහ හතරේ පහර 8ක් ඇතුළත්.

ඔහු මෙම තරගයේ දී සිය අයි.පී.එල් ලකුණු 5000 සීමාව ද පසු කර ගියා.

එම කඩඉම පසු කළ තෙවැනි ක්‍රීඩකයා වන්නේ ඔහුයි.

මීට පෙර විරාට් කෝලි සහ සුරේෂ් රයිනා ලකුණු 5000 සීමාව පසු කර තිබුණා.

කිරන් පොලාඩ් හයේ පහර 4ක් සහ හතරේ පහර 3ක් සමගින් පන්දු 20කින් නොදැවී ලකුණු 47ක් ලබා ගත්තා.

හර්ඩික් පාන්ඩ්යා පන්දු 11කින් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 30ක්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පන්ජාබ් කණ්ඩායමට කඩුලු 8ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 143ක් පමණයි.

නිකලස් පූරාන් ලකුණු 44යි.

පන්දු යැවීමේ දී ජේම්ස් පැටින්සන්, ජස්ප්‍රිට් බුම්රා සහ රාහුල් චහාර් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

මෙම ජයග්‍රහනයත් සමග මුම්බායි කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත් වී තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...