හේසල්වුඩ් හා කමින්ස් කොදෙව්වන් අසරණ කරද්දී ශමාර් ජෝසප්ගෙන් ටෙස්ට් දිවියට සුපිරි ආරම්භයක්

Date:

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද(17) ඇඩිලේඩ් හී දී ආරම්භ වුණා. තරගයේ පළමු දිනය අද නිමා වුණේ දිනයේ වැඩි ගෞරව ඔස්ට්‍රේලියාවට හිමි කර දෙමින්.

දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඔස්ට්‍රේලියාව කඩුලු දෙකක් දැවී ලකුණු 59 ක් ලබා සිටියා. ඒ, කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් කොදෙව්වන් පළමු ඉනිමට සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු 188 ට පිළිතුරු වශයෙන්.

Kirk McKenzie ලකුණු 50 ක් ලබා ගත් අතර, අංක 11 පිතිකරු වූ ශමාර් ජෝසප් ලකුණු 36 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ජොෂ් හේසල්වුඩ් හා පැට් කමින්ස් කඩුලු 4 බැගින් දවා ගත්තා.

ඔස්ට්‍රේලියානු පළමු ඉනිමේ පළමු කඩුල්ල දැවී ගියේ ලකුණු 25 දී යි. ඩේවිඩ් වෝනර් විශ්‍රාම ගැනීමෙන් පසු ආරම්භක පිතිකරුවෙකු වීමේ වගකීම පැවරුණු ස්ටීවන් ස්මිත් ලකුණු 12 කට දැවී යාමත් සමගයි පළමු කඩුල්ල එලෙස බිද වැටුණේ.

මෙම තරගයේ දී ටෙස්ට් වරම් දිනූ ශමාර් ජෝසප් විසින් එම කඩුල්ල දවා ගත්තා. ඒ, තරගයේ දී ඔහු යොමු කළ පළමු පන්දුවේදීමයි. මෙම තරගයේ දී ම ටෙස්ට් වරම් දිනූ ජස්ටින් ග්‍රේව්ස් විසින් ස්ලිප් කලාපයේ සිට රැක ගත් උඩ පන්දුවක් හමුවේයි ස්මිත් දැවී ගියේ.

ටෙස්ට් දිවියේ යොමු කළ පළමු පන්දුවෙන්ම කඩුල්ලක් දවා ගත් ඉතිහාසයේ 23 වැනි ක්‍රීඩකයා ලෙසයි ශමාර් ජෝසප් ඉතිහාසගත වුණේ.

ඔස්ට්‍රේලියානු ඉනිමේ දෙවැනි කඩුල්ල ලෙස මර්නස් ලබුෂේන් ලකුණු 10 කට දවා ගත්තේ ද ශමාර් ජෝසප්.

උස්මාන් කවාජා නොදැවී ලකුණු 30 ක් හා නව අංක 4 පිතිකරු කැමරන් ග්‍රීන් නොදැවී ලකුණු හයක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

මේ වන විට ඔස්ට්‍රේලියාව පළමු ඉනිමේ දී පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 129 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...