Watch : ශමාර් ජෝසප් ටෙස්ට් දිවියේ පළමු පන්දුවෙන්ම ස්ටීවන් ස්මිත් දවා ගත් හැටි මෙන්න

Date:

සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ යොමු කළ පළමු පන්දුවෙන්ම සුපිරි ඔස්ට්‍රේලියානු පිතිකරු ස්ටීවන් ස්මිත් දවා ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් වේග පන්දු යවන ක්‍රීඩක ශමාර් ජෝසප් අද(17) සමත් වුණා.

ඒ, ඇඩිලේඩ් හී දී අද ආරම්භ වූ ඔස්ට්‍රේලියා – කොදෙව් පළමු ටෙස්ට් තරගයේ ඔස්ට්‍රේලියානු පළමු ඉනිමේ දී යි.

තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් කොදෙව්වන් පළමු ඉනිමට සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 188 ක් පමණයි.

Kirk McKenzie ලකුණු 50 ක් ලබා ගත් අතර, අංක 11 පිතිකරු වූ ශමාර් ජෝසප් ලකුණු 36 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ජොෂ් හේසල්වුඩ් හා පැට් කමින්ස් කඩුලු 4 බැගින් දවා ගත්තා.

ඔස්ට්‍රේලියානු පළමු ඉනිමේ පළමු කඩුල්ල දැවී ගියේ ලකුණු 25 දී යි. ඩේවිඩ් වෝනර් විශ්‍රාම ගැනීමෙන් පසු ආරම්භක පිතිකරුවෙකු වීමේ වගකීම පැවරුණු ස්ටීවන් ස්මිත් ලකුණු 12 කට දැවී යාමත් සමගයි පළමු කඩුල්ල එලෙස බිද වැටුණේ.

මෙම තරගයේ දී ටෙස්ට් වරම් දිනූ ශමාර් ජෝසප් විසින් එම කඩුල්ල දවා ගත්තා. ඒ, තරගයේ දී ඔහු යොමු කළ පළමු පන්දුවේදීමයි. මෙම තරගයේ දී ම ටෙස්ට් වරම් දිනූ ජස්ටින් ග්‍රේව්ස් විසින් ස්ලිප් කලාපයේ සිට රැක ගත් උඩ පන්දුවක් හමුවේයි ස්මිත් දැවී ගියේ.

ටෙස්ට් දිවියේ යොමු කළ පළමු පන්දුවෙන්ම කඩුල්ලක් දවා ගත් ඉතිහාසයේ 23 වැනි ක්‍රීඩකයා ලෙසයි ශමාර් ජෝසප් ඉතිහාසගත වුණේ.

එම කඩුල්ලේ දර්ශන පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...