ෆින් ඇලන්ගේ හයේ පහර 16 හමුවේ නවසීලන්තය තරගාවලියේ ජය තහවුරු කර ගනියි (දර්ශන සහිතයි)

Date:

වාර්තා අලුත් කළ ෆින් ඇලන්ගේ සුපිරි ශතකය හමුවේ සංචාරක පාකිස්තාන කණ්ඩායම සමග පැවැති තෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 45 ක ජයක් වාර්තා කරමින් තරග 5කින් යුත් 20යි 20 තරගාවලිය තරග දෙකක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට (3-0) නවසීලන්ත කණ්ඩායම අද(17) සමත් වුණා.

අඛණ්ඩව තෙවැනි වරටත් කාසියේ වාසිය දිනූ පාකිස්තානයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය කඩුලු 7ක් දැවී ලකුණු 224 ක් ලබා ගනිමින් නියමිත පන්දුවාර 20 නිමා කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානය අඛණ්ඩව තෙවැනි වරටත් ජයග්‍රාහී ඉලක්කය සාර්ථකව හඹා යාමට අසමත් වුණා.

පාකිස්තාන පිළිතුරු ඉනිම පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී සටහන් වූයේ ලකුණු 179 ක් ලෙසයි.

පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය වෙනුවෙන් ආරම්භක පිතිකරු ෆින් ඇලන් පන්දු 62 කින් වාර්තා කළ ලකුණු සංඛ්‍යාව 137 ක්. හයේ පහර 16 ක් හා හතරේ පහර 5ක් ඔහුගේ ඉනිම වර්ණවත් කළා. (දර්ශන පහතින්)

බ්‍රෙන්ඩන් මැකලම්ගේ ලකුණු 123 අභිබවා යමින් නවසීලන්තය වෙනුවෙන් පිතිකරුවෙකු 20යි 20 තරගයකදී වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තා කළ ෆින් ඇලන්, මෙම තරගයේ දී ලෝක වාර්තාවක් සම කළේ 20යි 20 ජාත්‍යන්තර ඉනිමකදී පිතිකරුවෙකු එල්ල කළ සම වැඩිම හයේ පහර සංඛ්‍යාව එල්ල කරමින්. ඔහුට අමතරව මීට පෙර හයේ පහර 16 ක් එල්ල කර තිබුණේ ඇෆ්ඝනිස්ථානයේ හස්රතුල්ලාහ් සසායි.

ෆින් ඇලන් සිය අර්ධ ශතකය පන්දු 26 කින් ද, ශතකය පන්දු 48 කින් ද වාර්තා කිරීමට සමත් වුණා. ටිම් සයිෆර්ට් ලකුණු 31 යි. පන්දු යැවීමේ දී හැරිස් රවුෆ් ලකුණු 60 කට කඩුලු දෙකක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානය වෙනුවෙන් බාබර් අසාම් පන්දු 37 කින් ලකුණු 58 ක් ලබා ගත්තේ හයේ පහරක් හා හතරේ පහර 8ක් සමගින්. පන්දු යැවීමේ දී ටිම් සවුති ලකුණු 29 කට කඩුලු දෙකක් බිද හෙලුවා.

https://twitter.com/NZcricketfans/status/1747471003138269378?t=SIpIh8z8C9MlDmhqnm7xwg&s=19

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...