‘මම ආදර්ශයට ගත්තේ මැතිව්ස් – ඔහු මගේ profile picture එකෙත් හිටියා’ : මැතිව්ස්ට පහරදුන් ජොන්ග්වේ

Date:

මීට වසර ගණනාවකට පෙර තමාගේ ‘wallpaper’ එකක් ලෙස ඇන්ජෙලෝ මැතිව්ස්ගේ ඡායාරූපය තමා භාවිතා කළ බව සිම්බාබ්වේ තුන් ඉරියව් ක්‍රීඩක ලුක් ජොන්ග්වේ පවසනවා.

එමෙන්ම තමාගේ සමාජ මාධ්‍ය ගිණුම්වල ‘profile picture’ ලෙස වරක් භාවිතා කළේ ද මැතිව්ස්ගේ ඡායාරූපයක් බව ඔහු සදහන් කළා.

ශ්‍රී ලංකාවට එරෙහි දෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයේ අවසන් පන්දුවාරයේ දී නොතිබූ ජයක් සිම්බාබ්වේ පිලට හිමි කර දෙමින් තරගයේ වීරයා සම්මානයෙන් ද පිදුම් ලැබීමෙන් පසුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු ඒ බව සදහන් කළා.

විශේෂත්වය වූයේ තමා ආදර්ශයට ගත් මැතිව්ස්ට එරෙහිවම අවසන් පන්දුවාරයේ දී ලුක් ජොන්ග්වේ මෙම සුපිරි දක්ෂතාවය පෙන්නුම් කිරීමයි.

අවසන් පන්දුවාරයේ දී සිම්බාබ්වේ කණ්ඩායමට කඩුලු 4ක් අතැතිව තරගය ජය ගැනීමට අවශ්‍ය වූ ලකුණු සංඛ්‍යාව 20 ක්. නමුත්, ඇන්ජෙලෝ මැතිව්ස් යොමු කළ එම පන්දුවාරයේ පළමු පන්දුව නිපන්දුවක් වූ අතර, ඊට හයේ පහරක් ද, නීත්‍යානුකූල පළමු පන්දුවට හතරේ පහරක් ද, දෙවැනි පන්දුවට හයේ පහරක් ද එල්ල කිරීමට ලුක් ජොන්ග්වේ සමත් වුණේ ශ්‍රී ලංකා බලාපොරොත්තු සුන් කරමින්.

එම පන්දුවාරයේ සිව්වැනි පන්දුවේ දී මහීෂ් තීක්ෂණ අතින් ජොන්ග්වේ ලබා දුන් උඩ පන්දුවක් ද ගිලිහී යාම තරගයේ තීරණයට බලපෑවා. අනතුරුව 5 වැනි පන්දුවේ දී හයේ පහරක් එල්ල කරමින් ක්ලයිව් මඩන්ඩේ සිම්බාබ්වේ කණ්ඩායමට නොතිබූ ජයක් තහවුරු කර දුන්නා.

ජොන්ග්වේ පන්දු 12 කින් නොදැවී ලකුණු 25 ක් රැස් කිරීමට සමත් වූ අතර, පන්දු යැවීමේ දී ද ඔහු ලකුණු 32 කට කඩුලු දෙකක් දවා ගත්තා.

“පසුගිය මාස කිහිපය තුළ මම මගේ රට වෙනුවෙන් සහ මගේ ෆ්‍රැන්චයිස් කණ්ඩායම වෙනුවෙන් පවා තරග ජයග්‍රහණය කළ හැකි තත්ත්වයන්ට මුහුණ දුන් නමුත්, මට එය කළ හැකි වූයේ නැහැ.” යනුවෙන් 28 හැවිරිදි ලුක් ජොන්ග්වේ සදහන් කළා. “මම ළං වූ නමුත් සීමාව ඉක්මවා යාමට මට බැරි වුණා. එය ශ්‍රී ලංකාවට එරෙහිව සිදු කිරීමට ලැබීම, විශේෂයෙන්ම ඇන්ජෙලෝ මගේ ආදර්ශමත් චරිතයක්ව තිබියදී, එය සිදු කිරීමට ලැබීම වඩාත් හොදයි. ඒක සුවිශේෂීයි”

“මම හිතන්නේ ලකුණු 20 ක් කියන්නේ අවංකවම ගොඩක්. තණතීරුව පිතිකරණයේ නිරත වීමට ගොඩක් හොද වුණා. ශ්‍රී ලංකාවේ කඩුලු 4 ක් ලකුණු 25 කට පමණ දැවී ගියා. අපි හිතුවේ ඔවුන්ව ලකුණු 140කට පමණ සීමා කරන්න. නමුත් අපි අවසන් පන්දුවාර යොමු කිරීමේ දී – මමත් අවසන් පන්දුවාරවලදී පන්දු යැව්වා – අපි කතා වුණා තණතීරුවේ යමක් වෙනස් වී ඇති බව. පන්දුව පිත්ත වෙත ඉතා හොදින් පැමිණෙන්න පටන් ගත්තා.” 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...