මැද කණුවටම දාපු කොට්‍රෙල්ගේ සුපිරි පන්දුව

Date:

සෑම අයි.පී.එල් තරගාවලියකදී ම මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සම්බන්ධයෙන් බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වනු දක්නට ලැබෙනවා.

ඔවුන් සතු පිතිකරණ ලැයිස්තුවේ ශක්තිය ද ඊට එක් හේතුවක් බව අමුතුවෙන් සදහන් කළ යුතු නොවේ.

මෙවර තරගාවලියේ දී ද ඔවුන්ගේ පිතිකරණ ලැයිස්තුව ඉතා ශක්තිමත් බව දක්නට ලැබෙනවා.

රෝහිට් ෂර්මා, ක්වෙන්ටන් ඩී කොක්, ඉෂාන් කිෂාන්, කිරන් පොලාඩ් සහ හර්ඩික් පාන්ඩ්යා වැඩි ප්‍රබල ක්‍රීඩකයින් මුම්බායි කණ්ඩායම සතුයි.

කෙසේ වෙතත්, මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ක්වෙන්ටන් ඩී කොක් මෙවර අයි.පී.එල් තරගාවලියේ දී මෙතෙක් කැපී පෙනෙන දක්ෂතාවයක් දැක්වීමට සමත් වී නැහැ.

පළමු තරගයේ දී ලකුණු 33ක් ලබා ගනිමින් යම් සාර්ථකත්වයක් ඔහු පෙන්වනු ලැබුව ද අනතුරුව ක්‍රීඩා කළ තරග දෙකේ දී ම ඔහු පිළිවෙලින් රැස් කළේ එක් ලකුණක් සහ ලකුණු 14ක් පමණයි.

ඒ අනුව කිංග්ස් ඉලවන් පන්ජාබ් කණ්ඩායමට එරෙහි අද(1) තරගයේ දී හෝ ඔහු ලකුණු අතරට පිවිසෙනු ඇති බවට බොහෝ දෙනෙකු අපේක්ෂා කළා.

කෙසේ වෙතත්, මෙම තරගයේ දී ද ක්වෙන්ටන් ඩී කොක් පන්දු පහකට මුහුණ දී ලකුණු නොලබා දැවී යාම විශේෂත්වයක්.

ඒ, ෂෙල්ඩන් කොට්‍රෙල් යැවූ සුපිරි පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදී යාමෙන්.

පා ඉන්න දෙසට ආ පන්දුවකට ක්වෙන්ටන් ඩී කොක් පහරක් එල්ල කිරීමට උත්සාහ කළ ද, අවසන් මොහොතේ පන්දුව පිතිකරුවාගෙන් පිටතට  දෝලනය වුණා.

ඒ හේතුවෙන් ඔහුට ඊට නිසි අයුරින් පහර දීමට නොහැකි වූ අතර, පන්දුව කෙලින්ම මැද ඉන්නේ වැදීම නිසා ක්වෙන්ටන් ඩී කොක්ට ලකුණු නොලබා ක්‍රීඩාගාරය බලා පිටව යාමටයි සිදු වුණේ.

ඊට අදාළ දර්ශන පහතින් මෙතනින්

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...