මැතිව්ස් – දසුන්ගේ සටන හා චමීරගේ අවසන් පන්දු දෙකේ වික්‍රමය හමුවේ ශ්‍රී ලංකාවට තියුණු ජයක්

Date:

ඇන්ජෙලෝ මැතිව්ස්ගේ සටන්කාමී ඉනිම හමුවේ සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වෙන තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු තුනක තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද(14) සමත් වුණා.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු පහක් දැවී ලකුණු 143 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිමේ අවසන් පන්දුවේ දී කඩුලු 7ක් දැවී සිටියදී ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තා.

වසර තුනකට පමණ පසු 20යි 20 ජාත්‍යන්තර පිටියට පිවිසි ඇන්ජෙලෝ මැතිව්ස් පන්දු 38 කින් ලකුණු 46 ක් (හයේ පහරක් හා හතරේ පහර 5ක් සමග) හා දසුන් ශානක පන්දු 18 කින් නොදැවී ලකුණු 26 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකාව ජයග්‍රහනය කරා රැගෙන ගියා.

අවසන් පන්දුවාරයේ දී ජයග්‍රහනය සදහා ශ්‍රී ලංකාවට ලකුණු 14 ක් අවශ්‍ය වූ අතර, බ්ලෙසින්ග් මුසරබානි යොමු කළ පළමු පන්දු දෙකට හතරේ පහර දෙකක් එල්ල කිරීමට මැතිව්ස් සමත් වුණේ තරගයේ ජයග්‍රහනය පිළිබද වැඩි බලාපොරොත්තු ශ්‍රී ලංකාවට හිමි කර දෙමින්.

කෙසේ වෙතත්, තෙවැනි පන්දුව නිලකුණු පන්දුවක් වූ අතර, සිව්වැනි පන්දුවේ දී මැතිව්ස් දැවී ගියා. අනතුරුව පිටියට පිවිසි දුෂ්මන්ත චමීර එම පන්දුවාරයේ 5 වැනි පන්දුවට හතරේ පහරක් වාර්තා කළේ පිත්තේ එක් දාරයක වැදුණු පන්දුව කඩුලු රකින්නාට ඉහළින් යාමත් සමගයි. පසුව තරගයේ අවසන් පන්දුවට ලකුණු දෙකක් ලබා ගනිමින් චමීර ශ්‍රී ලංකාවට ජය තහවුරු කර දුන්නා.

ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළ පැතුම් නිස්සංක ලකුණු දෙකකටත්, කුසල් මෙන්ඩිස් ලකුණු 17(15) කටත් දැවී ගියා. කුසල් පෙරේරා ලබා ගත්තේ ද ලකුණු 17(13) ක් පමණයි. සධීර සමරවික්‍රම ලකුණු 9 යි.

චරිත් අසලංක ලකුණු 16(22) කටත්, නව නායක වනිදු හසරංග දෙවැනි පන්දුවෙන් ලකුණු නොලබාත් දැවී ගියා.

පන්දු යැවීමේ දී සිකන්ඩා රාසා ලකුණු 13 ක් පමණක් ලබා දෙමින් කඩුලු 3ක් දවා ගැනීම කැපී පෙනුණා. බ්ලෙසින්ග් මුසරබානි කඩුලු 2ක් බිද හෙලුවා.

පළමුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ද නායක සිකන්ඩ රාසා. ඔහු පන්දු 42 කින් ලකුණු 62 ක් රැස් කළේ හයේ පහර 2ක් හා හතරේ පහර 5ක් සමගින්.

© SLC

ආරම්භක පිතිකරුවන් වූ Tinashe Kamunhukamwe ලකුණු 26 ක් හා ක්‍රෙයිග් අර්වින් ලකුණු 10 රැස් කළා. ශෝන් විලියම්ස් ලකුණු 14 යි. රයන් බර්ල් ලකුණු පහකට දැවී ගියා.

බ්‍රයන් බෙනට් නොදැවී ලකුණු 10 ක් හා ලුක් ජොන්ග්වේ නොදැවී ලකුණු 13 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී මහීෂ් තීක්ෂණ ලකුණු 16 කට කඩුලු 2 ක් හා වනිදු හසරංග ලකුණු 19 කට කඩුලු 2ක් බිද හෙලුවා. දුෂ්මන්ත චමීර කඩුල්ලක් බිද හෙලුවේ ලකුණු 38 ක් ලබා දෙමින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...