කාසියේ වාසිය ශ්‍රී ලංකාවට – පැතුම්, තුෂාර හා මැතිව්ස් කණ්ඩායමට කැදවයි

Date:

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ අතර පැවැත්වෙන තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක වනිදු හසරංග සමත් වුණා.

ඒ අනුව ඔහු සිම්බාබ්වේ පිලට පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව ලබා දීමටයි තීරණය කළේ.

තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.

ඩෙංගු රෝගය වැළදීම හේතුවෙන් එක්දින තරගාවලියට ක්‍රීඩා නොකළ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක මෙම තරගය සදහා කැදවා තිබෙනවා.

කුසල් පෙරේරා, ඇන්ජෙලෝ මැතිව්ස්, දසුන් ශානක හා නුවන් තුෂාර වැනි ක්‍රීඩකයින් ද අද කණ්ඩායමට ඇතුළත්.

සිම්බාබ්වේ කණ්ඩායම සදහා Sean Williams හා Brian Bennett කැදවීමට පියවර ගෙන තිබෙනවා.

කණ්ඩායම් දෙක –

Sri Lanka XI:

Pathum Nissanka, Kusal Mendis (wk), Kusal Perera, Sadeera Samarawickrama, Charith Asalanka, Angelo Mathews, Dasun Shanaka, Wanindu Hasaranga (c), Maheesh Theekshana, Dushmantha Chameera, Nuwan Thushara

Zimbabwe XI:

Craig Ervine, Tinashe Kamunhukamwe, Brian Bennett, Sean Williams, Sikandar Raza(c), Ryan Burl, Clive Madande(w), Luke Jongwe, Wellington Masakadza, Richard Ngarava, Blessing Muzarabani

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...