ඇලන්ගේ හා මිල්න්ගේ සුපිරි දක්ෂතා හමුවේ නවසීලන්තයට ලකුණු 21 ක ජයක්

Date:

සංචාරක පාකිස්තාන කණ්ඩායම සමග පැවැති දෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 21 ක ජයක් වාර්තා කරමින් දෙරට අතර පැවැත්වෙන තරග 5කින් යුත් 20යි 20 තරගාවලිය තරග 2-0 ක් ලෙස පෙරමුණ ගැනීමට නවසීලන්තය අද(14) සමත් වුණා.

හැමිල්ටන් හී දී පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 195 ක ඉලක්කයක් හඹා ගිය පාකිස්තානයට පන්දුවාර 19.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 173 ක් පමණයි.

බාබර් අසාම් පන්දු 43 කින් ලකුණු 66 ක් ලබා ගත්තේ හයේ පහර 2ක් හා හතරේ පහර 7ක් සමගින්. ෆකාර් සමාන් පන්දු 25 කින් ලකුණු 50 ක් ලබා ගත්තා‍. හයේ පහර 5ක් හා හතරේ පහර 3ක් ඔහුගේ ඉනිම වර්ණවත් කළා.

නායක ශහීන් ශාහ් අෆ්රිඩි ලකුණු 22(13) යි. සෙසු කිසිදු පිතිකරුවෙකු ලකුණු 10 සීමාව පසු කළේ නැහැ.

පන්දු යැවීමේ දී ඇඩම් මිල්න් ලකුණු 33 කට කඩුලු 4 ක් දවා ගත් අතර, ටිම් සවුති, බෙන් සියර්ස් හා ඉෂ් සෝදි කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පාකිස්තානයේ ආරාධනයෙන් තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය ලකුණු 194 ක් ලබා ගත්තේ කඩුලු 8ක් දැවී සිටියදීයි.

ෆින් ඇලන් පන්දු 41 කින් ලකුණු 74 ක් රැස් කළා. හයේ පහර 5ක් හා හතරේ පහර 7ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

නායක කේන් විලියම්සන් ලකුණු 26 ක් රැස් කර ගෙන සිටියදී පිටියෙන් ඉවත් වුණේ පාදයක සිදු වූ යම් ආබාධ තත්ත්වයක් හේතුවෙන්.

පූර්වාරක්ෂක පියවරක් ලෙස ඔහු යළි මෙම තරග‌යේ දී පන්දු රැකීමට හෝ පිටියට පිවිසියේ නැහැ. ඔහු වෙනුවට ටිම් සවුති කණ්ඩායම මෙහෙයවනු ලැබුවා.

පන්දු යැවීමේ දී හැරිස් රවුෆ් කඩුලු 3ක් ද, අබ්බාස් අෆ්රිඩි කඩුලු දෙකක් ද බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...