කුල්දීප්, අක්සාර් ටෙස්ට් සංචිතයට – Jurel පළමු වරට ජාතික සංචිතයට නම් කෙරේ

Date:

සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග 5කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරග දෙක සදහා වන ඉන්දීය සංචිතය නම් කර තිබෙනවා.

සංචිතය සදහා කුල්දීප් යාදව් හා අක්සාර් පටෙල් කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.

ආබාධයකට ලක්ව සුවය ලබමින් සිටින වේග පන්දු යවන ක්‍රීඩක මොහමඩ් ශාමි සංචිතයට ඇතුළත් කර නැහැ.

උප නායක ජස්ප්‍රිට් බුම්රා, මොහමඩ් සිරාජ්, මුකේෂ් කුමාර් හා අවේශ් ඛාන් වේග පන්දු බලඇණිය ශක්තිමත් කරමින් සංචිතයට ඇතුළත් කර ඇති අතර, කුල්දීප් යාදව් හා අක්සාර් පටෙල්ට අමතරව දග පන්දු යවන්නන් ලෙස සංචිතයට නම් කර ඇත්තේ ආර්. අශ්වින් හා රවීන්ද්‍ර ජඩේජා.

කඩුලු රකින පිතිකරුවෙකු වන Dhruv Jurel පළමු වරට ඉන්දීය ජාතික සංචිතයට නම් කර තිබීම ද කැපී පෙනෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විවේකයක් ලබා සිටින ඉෂාන් කිෂන් මෙම සංචිතයට නම් කර නොමැති අතර, නිමා වූ දකුණු අප්‍රිකා සංචාරයේ දී ටෙස්ට් වරම් දිනූ ප්‍රසිද් ක්‍රිෂ්නාට ද සංචිතයේ ස්ථානයක් හිමිව නැහැ.

දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය ජනවාරි 25 වැනිදා හයිදරාබාද් හී දී ආරම්භ වීමට නියමිතයි.

India squad for first two Tests against England

Rohit Sharma (c), Shubman Gill, Yashasvi Jaiswal, Virat Kohli, Shreyas Iyer, KL Rahul (wk), KS Bharat (wk), Dhruv Jurel (wk), R Ashwin, Ravindra Jadeja, Axar Patel, Kuldeep Yadav, Mohammed Siraj, Mukesh Kumar, Jasprit Bumrah (vice-capt), Avesh Khan

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...