සන්දීප් ලැමිච්හානේට සිර දඩුවම් නියම කෙරේ

Date:

තරුණියක් දූෂණයට ලක් කළ බවට එල්ල වූ චෝදනාවට වරදකරු වූ නේපාල ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක හා දග පන්දු යවන ක්‍රීඩක සන්දීප් ලැමිච්හානේට (Sandeep Lamichhane) වසර අටක සිරදඩුවම් නියම කිරීමට කත්මන්ඩු දිස්ත්‍රික් අධිකරණය අද(10) තීන්දු කර තිබෙනවා.

සිර දඩුවමට අමතරව නේපාල රුපියල් ලක්ෂ තුනක දඩ මුදලක් ද ඔහුට නියම කර ඇති අතර, වින්දිතයාට රුපියල් ලක්ෂ දෙකක වන්දියක් ගෙවන ලෙස ද අධිකරණය නියම කර ඇති බවයි නේපාල මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

ඔහුට එරෙහිව එල්ල වූ චෝදනාවට සන්දීප් වරදකරු බව පසුගිය දෙසැම්බර් 29 වැනිදා කත්මන්ඩු දිස්ත්‍රික් අධිකරණයේ විනිසුරු Shishir Raj Dhakal තීන්දු කළා. කෙසේ වෙතත්, ලබා දෙන දඩුවම එදින ප්‍රකාශයට පත් නොකළ අතර, එය අද දිනයේ දී ප්‍රකාශ කිරීමටයි තීරණය කර තිබුණේ.

මේ අතර, දූෂණයට ලක්වන අවස්ථාවේ තමන් බාල වයස්කාර දැරියක්ව සිටි බවට අදාළ තරුණිය විසින් කර තිබූ ප්‍රකාශය අධිකරණය විසින් පසුගිය 29 වැනිදා ප්‍රතික්ෂේප කළා.

2022 වසරේ අගෝස්තු 21 වැනිදා හෝටලයකදී 17 හැවිරිදි දැරියක් දූෂණයට ලක් කළ බවට පළමුව ඔහුට එරෙහිව චෝදනා එල්ල වූ අතර, ඒ අනුව පොලීසියට ලද පැමිණිල්ලකින් පසුව ඔහුව අත්අඩංගුවට ගැනීම සදහා වරෙන්තු නිකුත් කෙරුණා.

ඒ වන විට සන්දීප් බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි රැදී සිටියේ Jamaica Tallawahs කණ්ඩායම නියෝජනය කරමින් කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීම සදහායි.

පසුව ඔහු ඔක්තෝබර් මුල කත්මන්ඩු ගුවන් තොටුපොලේ දී අත්අඩංගුවට ගැණුනු අතර, නේපාල ක්‍රිකට් සංගමය විසින් ඔහුට එරෙහිව ක්‍රිකට් තහනමක් ද පනවනු ලැබුවා.

නමුත්, ඔහු ඇප මත නිදහස් වීමෙන් පසුව එම තහනම ඉවත් කෙරුණු අතර, පාර්ශව රැසක විරෝධතා මැද ඔහු පසුගිය පෙබරවාරි මාසයේ දී නේපාල ජාතික කණ්ඩායම ද යළි නියෝජනය කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...