ICC තහනම් කළ ‘පරෙවියා සහ ඔලිව් ශාඛා සංකේතය’ පැළද කවාජා BBL පිටියට

Date:

ඔස්ට්‍රේලියානු පිතිකරු උස්මාන් කවාජා සිය පාවහන්වල හා පිත්තේ පරෙවියා සහ ඔලිව් ශාඛා සංකේතය සටහන් කර ගනිමින් මෙවර බිග් බෑෂ් ලීග් තරගාවලියේ දී පර්ත් ස්කෝචර්ස් කණ්ඩායමට එරෙහිව බ්‍රිස්බේන් හී දී පැවැති තරගය සදහා ක්‍රීඩා කර තිබෙනවා.

මෙය සටහන් කර ගනිමින් නිමා වූ පාකිස්තාන ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා කිරීමට ඔහු උත්සාහ දැරූ නමුත්, ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් ඊට අවසර ලබා දුන්නේ නැහැ.

කෙසේ වෙතත්, ඒ සදහා ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය විසින් අවසර ලබා දී තිබුණා.

ඒ අනුව බිග් බෑෂ් ලීග් තරගාවලිය අයි.සී.සී අධීක්ෂණය යටතේ නොපැවැත්වෙන දේශීය තරගාවලියක් වන බැවින් ඔහු එම තරගාවලියේ දී මෙලෙස පරෙවියා සහ ඔලිව් ශාඛා සංකේතය සටහන් කර ගනිමින් ක්‍රීඩා කිරීමට පියවර ගෙන තිබෙනවා.

ගාසා තීරයේ මානුෂීය අර්බුදය පිළිබඳව දැනුවත් කිරීම සඳහායි ඔහු එලෙස සටහන් කර තිබුණේ.

“all lives are equal” හා “freedom is a human right” යනුවෙන් සදහන් වදන් සිය සපත්තුවල සටහන් කර ගනිමින් පාකිස්තානය සමග පර්ත් හී දී පැවැති ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමට කවාජා සූදානම්ව සිටි නමුත් ජගත් ක්‍රිකට් කවුන්සලය ඊට ඉඩ ලබා දුන්නේ නැහැ.

කෙසේ වෙතත්, එම වදන් සහිග සපත්තු පැළදීම වෙනුවට උස්මාන් කවාජා කලු පටියක් පැළද පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කළේ ද ගාසා අර්බුදය පිළිබද අවධානය යොමු කිරීමේ අරමුණින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...