ඔස්ට්‍රේලියානු නව ආරම්භක පිතිකරු තහවුරු කෙරේ ; ටෙස්ට් සංචිතයත් එළිදකියි

Date:

ඔස්ට්‍රේලියානු ටෙස්ට් කණ්ඩායමේ නව ආරම්භක පිතිකරු ලෙස ස්ටීවන් ස්මිත් කටයුතු කරන බව එරට තේරීම් කමිටු සභාපති ජෝර්ජ් බේලි තහවුරු කර තිබෙනවා.

ඒ, පාකිස්තානයට එරෙහි ටෙස්ට් තරගාවලියෙන් පසුව ටෙස්ට් පිටියෙන් සමු ගත් ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් වෙනුවටයි.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග ආරම්භ වීමට නියමිත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය සදහා වන ඔස්ට්‍රේලියානු සංචිතය අද(10) නිවේදනය කළ අතර, එම සංචිතයට වෝනර් වෙනුවට මැට් රේන්ෂෝ ඇතුළත් කර තිබෙනවා.

කෙසේ වෙතත්, රේන්ෂෝට අතිරේක පිතිකරුවෙකු ලෙස සංචිතයේ රැදී සිටීමට සිදුව ඇති අතර, කැමරන් ග්‍රීන් ද අවසන් 11 දෙනාගේ කණ්ඩායමේ ස්ථානයක් තහවුරු කර ගෙන ඇති බවයි තේරීම් කමිටු සභාපතිවරයා කියා සිටියේ.

පළමු පෙල තරගවලදී අංක 4 පිතිකරණ ස්ථානයේ පන්දුවට පහර දෙමින් කැමරන් ග්‍රීන් සාර්ථකව ලකුණු රැස් කර තිබෙනවා. ඒ අනුව ඔස්ට්‍රේලියානු ටෙස්ට් කණ්ඩායමේ ද නව අංක 4 පිතිකරු ලෙස ඔහු කටයුතු කරනු ඇති. ඒ, මෙතෙක් එම ස්ථානයේ පන්දුවට පහරදුන් ස්මිත් වෙනුවටයි.

පිතිකරණ අනුපිළිවෙලෙහි මෙවැනි වෙනසක් සිදු කිරීමට නායක පැට් කමින්ස් කැමැත්තක් නොදක්වා ඇතත්, ස්මිත් ආරම්භක පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා කිරීම සුදුසු බව අංක 3 පිතිකරු මර්නස් ලබුෂේන් හා හිටපු නායක මයිකල් ක්ලාක් ද මීට පෙර සදහන් කර තිබුණා.

මේ අතර, තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය ආරම්භ කරමින් කොදෙව්වන්ට එරෙහිව ඇඩිලේඩ් හී දී එළඹෙන 17 වැනිදා ආරම්භ වීමට නියමිත පළමු ටෙස්ට් තරගය සදහා වන ක්‍රීඩකයින් 13 දෙනෙකුගෙන් යුත් ඔස්ට්‍රේලියානු සංචිතයට වේග පන්දු යවන ක්‍රීඩක ස්කොට් බෝලන්ඩ් ද නම් කර තිබෙනවා.

පාකිස්තානයට එරෙහි සිඩ්නි ටෙස්ට් තරගයට පෙර ඔහුව සංචිතයෙන් නිදහස් කෙරුණේ බිග් බෑෂ් ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබා දෙමින්.

AUS Squad for first Test –

Pat Cummins (c), Scott Boland, Alex Carey, Cameron Green, Josh Hazlewood, Travis Head, Usman Khawaja, Marnus Labuschagne, Nathan Lyon, Mitchell Marsh, Matthew Renshaw, Steve Smith, Mitchell Starc.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...