ප්‍රබලයින් සිව් දෙනෙකු විවේක ගන්වයි – ස්මිත්ට හා හෙඩ්ට එක්දින කණ්ඩායමේ නව තනතුරු

Date:

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග තුනකින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කර තිබෙනවා.

මෙම සංචිතයෙන් ප්‍රධාන වේග පන්දු යවන්නන් තිදෙනා වන නායක පැට් කමින්ස්, මිචෙල් ස්ටක් හා ජොෂ් හේසල්වුඩ් විවේක ගැන්වීමටයි පියවර ගෙන ඇත්තේ.

ඒ අනුව මෙම තරගාවලියේ දී කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන්නේ ස්ටීවන් ස්මිත්. උප නායකයා ලෙස ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයේ වීරයා වූ ට්‍රැවිස් හෙඩ් පත් කර තිබෙනවා.

තුන් ඉරියව් ක්‍රීඩක මිචෙල් මාෂ් ද මෙම එක්දින තරගාවලියෙන් විවේක ගන්වා ඇති අතර, මර්කස් ස්ටොයිනිස්ට සංචිතයේ ස්ථානයක් හිමිව නැහැ.

ක්‍රීඩකයින් 13 දෙනෙකුගෙන් යුත් සංචිතය සදහා මෙතෙක් එක්දින වරම් දිනා නොමැති වේග පන්දු යවන ක්‍රීඩක ලාන්ස් මොරිස් ද ඇතුළත්.

2022 වසරේ ජූනි මාසයේ දී ශ්‍රී ලංකාවේ දී අවසන් වරට එක්දින තරගයක් ක්‍රීඩා කළ වේග පන්දු යවන ක්‍රීඩක ජයි රිචර්ඩ්සන් ද එක්දින සංචිතය සදහා කැදවා තිබෙනවා.

වේග පන්දු යවන ක්‍රීඩක නේදන් ඇලස්, තුන් ඉරියව් ක්‍රීඩක Aaron Hardie හා මුල් පෙල පිතිකරු මැතිව් ශෝර්ට් ද සංචිතයට නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

එක්දින තරගාවලිය පෙබරවාරි දෙවැනිදා මෙල්බර්න් හී දී ආරම්භ වීමට නියමිත අතර, දෙවැනි හා තෙවැනි තරග සිඩ්නි හා කැන්බරා හී දී පැවැත්වීමට නියමිතයි.

ODI squad:

Steve Smith (c), Travis Head (vc), Sean Abbott, Nathan Ellis, Cameron Green, Aaron Hardie, Josh Inglis, Marnus Labuschagne, Glenn Maxwell, Lance Morris, Jhye Richardson, Matt Short, Adam Zampa.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...