Watch : සුපිරි පන්දු දෙකකින් මදුෂංක එක් පන්දුවාරයකදී දවා ගත් කඩුලු දෙක

Date:

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගයේ දී විශිෂ්ඨ පන්දු දෙකක් යොමු කරමින් සිය දෙවැනි පන්දුවාරයේ දී කඩුලු දෙකක් දවා ගැනීමට ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මදුෂංක අද(6) සමත් වුණා.

සිම්බාබ්වේ ඉනිමේ තෙවැනි පන්දුවාරයේ පළමු පන්දුවට Tinashe Kamunhukamwe ලකුණු නොලබා පළමු පන්දුවෙන්ම දැවී ගියේ මදුෂංකගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන්.

අනතුරුව පිටියට පිවිසි නායක ක්‍රෙයිග් අර්වින් එම පන්දුවාරයේ පස්වැනි පන්දුවේ දී දැවී ගියා. ඔහු ද කිසිදු ලකුණක් ලබා ගැනීමට සමත් වූයේ නැහැ. (එම කඩුලු දෙකේ දර්ශන පහතින් නරඹන්න)

එම අවස්ථාව වන විට සිම්බාබ්වේ ලකුණු පුවරුව සටහන්ව තිබුණේ කඩුලු දෙකක් දැවී ලකුණූ 5ක් ලෙසයි.

කොළඹ ආර්. ප්‍රේමාදාස ක්‍රීඩාංගනයේ දී පස්වරු 2.30ට ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 273 ක්.

Innings Report : අසලංකගේ සුපිරි ශතකය හමුවේ සිම්බාබ්වේ පිලට 274 ක ඉලක්කයක්

චරිත් අසලංක පන්දු 95 කින් ලකුණු 101 ක් ලබා ගත්තේ හයේ පහර 4 ක් හා හතරේ පහර 5ක් සමගින්.

පන්දු යැවීමේ දී රිචර්ඩ් එන්ගරාවා, බ්ලෙසින්ග් මුසරබානි හා මෙම තරගයේ දී එක්දින වරම් දිනූ ෆරාස් අක්‍රම් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...