අසලංකගේ සුපිරි ශතකය හමුවේ සිම්බාබ්වේ පිලට 274 ක ඉලක්කයක්

Date:

චරිත් අසලංක වාර්තා කළ විශිෂ්ඨ ශතකය හමුවේ සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගයේ දී සටන්කාමී ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

කොළඹ ආර්. ප්‍රේමාදාස ක්‍රීඩාංගනයේ දී පස්වරු 2.30ට ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 273 ක්.

චරිත් අසලංක පන්දු 95 කින් ලකුණු 101 ක් ලබා ගත්තේ හයේ පහර 4 ක් හා හතරේ පහර 5ක් සමගින්.

ඉනිමේ පළමු කඩුල්ල ලෙස කලකට පසු එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසි අවිශ්ක ප්‍රනාන්දු ලකුණු නොලබා පළමු පන්දුවාරයෙන්ම දැවී ගියා.

නායක කුසල් මෙන්ඩිස් ලකුණු 46කට දුවද්දී දැවී ගිය අතර, සධීර සමරවික්‍රම ලකුණු 41 කට දැවී ගියා.

මෙම තරගයේ දී එක්දින වරම් දිනූ ජනිත් ලියනගේ ලකුණු 24 ක් රැස් කළා. සහන් ආරච්චිගේ ලකුණු 11 කට දැවී ගිය අතර, දසුන් ශානක ලබා ගත්තේ ලකුණු 8ක් පමණයි.

මහීෂ් තීක්ෂණ ලකුණු 10 ක් හා දුෂ්මන්ත චමීර ලකුණු 18 ක් ලබා ගනිමින් පසුපෙල ශක්තිමත් කළා. ඒ, චරිත් අසලංකට සිය තෙවැනි එක්දින ජාත්‍යන්තර ශතකය සදහා ද ගමන් කිරීමට මග පාදා දෙමින්.

පන්දු යැවීමේ දී රිචර්ඩ් එන්ගරාවා, බ්ලෙසින්ග් මුසරබානි හා මෙම තරගයේ දී එක්දින වරම් දිනූ ෆරාස් අක්‍රම් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...