ක්‍රිකට් තරග කොන්දේසි කිහිපයක සංශෝධනයක් සිදු කෙරේ

Date:

ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් තරග කොන්දේසි කිහිපයක් සංශෝධනයට ලක් කර තිබෙනවා.

ඒ අනුව පන්දු රකින කණ්ඩායම විසින් ස්ටම්ප් කිරීමකට අදාළ ඉල්ලීමක් සිදු කිරීමේදී තෙවන විනිසුරු විසින් එම පන්දුව පිතිකරුගේ පිත්තේ වැදී කඩුලු රකින්නා වෙත (හෝ පිටුපස සිටින වෙනත් ක්‍රීඩකයෙකු වෙත) ඇදී ආවේදැයි යළි සොයා බැලීමක් සිදු කරන්නේ නැහැ.

මීට පෙර පැවැති නීතියට අනුව ස්ටම්ප් කිරීමකට අදාළ ඉල්ලීමක් ලැබීමෙන් පසුව එය පිටියේ විනිසුරුවන් විසින් තෙවන විනිසුරුට යොමු කළහොත්, තෙවන විනිසුරු විසින් පළමුව එම පන්දුව පිත්තේ වැදී කඩුලු රකින්නා වෙත ඇදී ආවේදැයි සොයා බැලිය යුතුයි.

මෙම ක්‍රමවේදය හේතුවෙන් පන්දු රකින කණ්ඩායමට අමතර වාසියක් හිමි වුණා. එනම් විනිසුරු තීරණ නැවත විමසා බැලීමේ ක්‍රමවේදය (DRS)(review) භාවිතා නොකර කඩුලු රකින්නා වෙත උඩ පන්දුවක් ලැබුනේදැයි විමසා බැලීමට අවස්ථාව උදාවීමයි.

කෙසේ වෙතත්, නව නීතියට අනුව කඩුලු රකින්නාට උඩ පන්දුවක් ලැබුණේදැයි තෙවන විනිසුරු හරහා සොයා බැලිය හැකි වන්නේ විනිසුරු තීරණ නැවත විමසා බැලීමේ ක්‍රමවේදය පන්දු රකින කණ්ඩායම යොදා ගතහොත් පමණයි.

ඒ අනුව ස්ටම්ප් කිරීමකට සහ කඩුල්ලෙන් පිටුපස රැදී සිටින්නෙකුට උඩ පන්දුවක් ලැබුණේදැයි එකම අවස්ථාවක ඉල්ලීම් ලැබුණොහොත් තෙවන විනිසුරු එය වෙන වෙනම නිරීක්ෂණය කළ යුතුයි.

මේ අතර, කම්පන තත්ත්වයක් හේතුවෙන් සිදු කරන ක්‍රීඩක ආදේශක කිරීම්වලට (concussion substitution) අදාළ තරග කොන්දේසි පිළිබද නව පැහැදිලි කිරීමක් ද අයි.සී.සීය විසින් සිදු කර තිබෙනවා.

ඒ අනුව කම්පන තත්වයට මුහුණ දුන් ක්‍රීඩකයාට අදාල අවස්ථාව වන විට පන්දු යැවීමේ තහනමක් පනවා තිබුණහොත් ආදේශක ක්‍රීඩකයාට ද පන්දු යැවීම සදහා අවසර හිමිවන්නේ නැහැ.

මේ අතර, තරඟයක් අතරතුර සිදුවන ආබාධවලට ප්‍රතිකාර ලබා ගැනීම සදහා ලබා දෙන කාලය මිනිත්තු හතරක් දක්වා සීමා කිරීමට ද ජගත් ක්‍රිකට් කවුන්සලය පියවර ගෙන තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...