පැතුම් නිස්සංක රෝහල් ගත කෙරේ – එක්දින තරගාවලියත් අහිමි වෙයි

Date:

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකට සිම්බාබ්වේ කණ්ඩායම සමග හෙට(6) ආරම්භ වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

ඔහු උණ රොගයෙන් පෙළෙන බවත්, ඩෙංගු රෝගය ඔහුට ආසාදනය වී ඇති බවට සැක පල කෙරෙන බවත් සදහන්.

පැතුම් මේ වන විට වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම සදහා රෝහල් ගත කර තිබෙනවා.

ඒ අනුව ඔහුට සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි එක්දින තරගාවලියට අමතරව 20යි 20 තරගාවලිය ද අහිමි වීමේ අවධානමක් පවතින බවයි වාර්තා වන්නේ.

ඔහු වෙනුවට ශෙවෝන් ඩැනියල් එක්දින සංචිතයට ආදේශ කිරීමට කටයුතු කළ බව ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තරග තුනකින් යුත් එක්දින තරගාවලිය හෙට(6) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි. පළමු තරගය ආරම්භ වීමට නියමිතව ඇත්තේ හෙට පස්වරු 2.30ටයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...