හේසල්වුඩ් පන්දුවාරයකදී දවා ගත් කඩුලු 3 හමුවේ තරගයේ පාලනය ඔස්ට්‍රේලියාවට

Date:

සංචාරක පාකිස්තාන කණ්ඩායම හා ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර සිඩ්නි හී දී පැවැත්වෙන තෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අද(5) නිමා වුණේ තරගයේ පාලනය සම්පූර්ණයෙන්ම ඔස්ට්‍රේලියාවට හිමි කර දෙමින්.

දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි පාකිස්තානය කඩුලු 7 ක් දැවී ලකුණු 68 ක් ලබා දැඩි අසීරු තත්ත්වයක පසු වූ අතර, ඔවුන් මේ වන විට ඔස්ට්‍රේලියාවට වඩා දෙවැනි ඉනිමේ දී ඉදිරියෙන් පසුවන්නේ ලකුණු 82 ක් පමණයි.

අද දිනයට තරගය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඔස්ට්‍රේලියාව කඩුලු දෙකක් දැවී ලකුණු 116 ක් ලබා සිටියා. ඔවුන් සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 299 ක්. ඒ, පාකිස්තානය පළමු ඉනිමට ලබා ගත් ලකුණු 313 ට පිළිතුරු වශයෙන්.

මර්නස් ලබුෂේන් ලකුණු 60 ක් ද, මිචෙල් මාෂ් ලකුණු 54 ක් ද ලබා ගත්තා. ස්ටීවන් ස්මිත් හා ඇලෙක්ස් කෙරී ලකුණු 38 බැගින් ලබා සිටියදී දැවී ගියා. ඔස්ට්‍රේලියානු ඉනිමේ අවසන් කඩුලු පහ ලකුණු 10 ක් තුළ දැවී යාම කැපී පෙනුණා.

පන්දු යැවීමේ දී ආමීර් ජමල් ලකුණු 69 කට කඩුලු 6ක් දවා ගැනීමට සමත් වුණා. ආගා සල්මන් කඩුලු දෙකක් බිද හෙලුවා.

අනතුරුව ලකුණු 14 ක වාසියක් සමග පාකිස්තානය සිය දෙවැනි ඉනිම ඇරඹූ නමුත් පළමු ඉනිමේ දී ලකුණු නොලබා දැවී ගිය ආරම්භක පිතිකරු අබ්දුල්ලාහ් ශෆික් දෙවැනි ඉනිමේ දී ද මිචෙල් ස්ටක්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් පළමු පන්දුවාරයේ දී ම ලකුණු නොලබා දැවී ගියා.

නායක ශාන් මසූඩ් පළමු පන්දුවෙන්ම දැවී ගියේ ජොෂ් හේසල්වුඩ්ගේ පන්දුවක් හමුවේයි.

මංගල ටෙස්ට් තරගය ක්‍රීඩා කරන සයීම් අයුබ් ලකුණු 33 ක් රැස් කළ අතර, බාබර් අසාම් ලකුණු 23යි. ඉනිමේ පස්වැනි, හයවැනි හා හත්වැනි කඩුලු දිනයේ අවසන් පන්දුවාරයට පෙර පන්දුවාරයේ දී දවා ගැනීමට ජොෂ් හේසල්වුඩ් සමත් වීම කැපී පෙනුණා. එහිදී දැවී ගියේ සවුද් ශකීල් (ලකුණු 2), සජිඩ් ඛාන් (ලකුණු 0) හා ආගා සල්මන් (ලකුණු 0) යන ක්‍රීඩකයින්.

මොහමඩ් රිස්වාන් නොදැවී ලකුණු හයක් ලබා සිටින අතර, ආමීර් ජමල් තවමත් ලකුණු ලබා ගැනීම ආරම්භ කර නැහැ.

පන්දු යැවීමේ දී හේසල්වුඩ් ලකුණු 9කට කඩුලු 4 ක් දවා ගැනීමට සමත්ව සිටිනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...