2024 T20 ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකාවට මුණ ගැසෙන ප්‍රතිවාදී රටවල් මෙන්න

Date:

2024 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීම සදහා තවත් ඉතිරි වී ඇත්තේ මාස පහකටත් අඩු කාලයක්.

තරගාවලිය ජූනි 4 වැනිදා සිට 30 වැනිදා දක්වා බටහිර ඉන්දීය කොදෙව් දූපත් හී දී හා ඇමෙරිකා එක්සත් ජනපදයේ දී පැවැත්වීමට නියමිතයි. තරගාවලියට මෙවර ක්‍රීඩා කරන රටවල් සංඛ්‍යාව 20 ක්.

තරග 55ක් ඇතුළත් තරගාවලියේ මූලික වටයේ තරග කාණ්ඩ 4ක් යටතේ පැවැත්වීමට නියමිතව ඇති අතර, තරගාවලියේ තරග කාලසටහන හා රටවල් කාණ්ඩගත කර ඇති අයුරු මෙතෙක් ජගත් ක්‍රිකට් කවුන්සලය නිල වශයෙන් නිවේදනය කර නැහැ.

කෙසේ වෙතත්, තරගාවලියේ දී රටවල් කාණ්ඩගත කර ඇති ආකාරය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ The Telegraph මාධ්‍ය ආයතනය විසින් අනාවරණයක් සිදු කර තිබෙනවා.

2024 20යි 20 ලෝක කුසලානයේ මූලික වටයේ දී එක් කාණ්ඩයකට රටවල් 5 බැගින් ඇතුළත් කෙරෙන අතර, සෑම කාණ්ඩයකම පළමු ස්ථාන දෙක හිමි කර ගන්නා රටවල් සුපිරි 8 වටය සදහා සුදුසුකම් ලබා ගැනීමට නියමිතයි.

කණ්ඩායම් කාණ්ඩගත කර ඇති අයුරු –

  • A කාණ්ඩය : ඉන්දියාව, පාකිස්තානය, අයර්ලන්තය, කැනඩාව, ඇමරිකාව
  • B කාණ්ඩය : එංගලන්තය, ඔස්ට්‍රේලියාව, නැමීබියාව, ස්කොට්ලන්තය, ඕමානය
  • C කාණ්ඩය : නවසීලන්තය, බටහිර ඉන්දීය කොදෙව්, ඇෆ්ඝනිස්තානය, උගන්ඩාව, පැපුවා නිව් ගිනියාව
  • D කාණ්ඩය : දකුණු අප්‍රිකාව, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, නෙදර්ලන්තය, නේපාලය

සුපිරි 8 වටයේ තරග කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වෙන අතර, එක් කාණ්ඩයකට රටවල් 4 බැගින් ඇතුළත් කෙරෙනවා.

සුපිරි 8 වටය සදහා රටවල් කාණ්ඩගත කරනු ලබන්නේ ඒ ඒ රටවල් මූලික වටයේ දී සිය කාණ්ඩයේ හිමි කර ගත් ස්ථානය (පළමු හෝ දෙවැනි) අනුව නොවේ.

ඒ අනුව ඉන්දියාව A1 ලෙසත්, පාකිස්තානය A2 ලෙසත්, සැලකීමට නියමිතයි. එංගලන්තය B1 ලෙස සැලකීමට නියමිත අතර, B2 ලෙස සලකනු ලබන්නේ ඔස්ට්‍රේලියාවයි. නවසීලන්තය හා බටහිර ඉන්දීය කොදෙව්වන් පිළිවෙලින් C1 හා C2 ලෙස සලකනු ඇති. දකුණු අප්‍රිකාව D1 ලෙසත්, ශ්‍රී ලංකාව D2 ලෙසත් සලකමින් සුපිරි 8 වටයේ රටවල් කාණ්ඩගත කිරීම සිදු කිරීමට නියමිතයි.

මෙම කණ්ඩායම් අට හැර වෙනත් කණ්ඩායමක් හෝ කිහිපයක් සුපිරි 8 වටයට සුදුසුකම් ලැබුවහොත් එම කණ්ඩායම් සුපිරි 8 වටයේ දී හිමි කර ගනු ලබන්නේ සුපිරි 8 වටයට සුදුසුකම් ලබා ගැනීමට නොහැකි වූ කණ්ඩායමට මේ වන විටත් ලබා දී ඇති ස්ථානයයි.

උදාහරණයක් ලෙස D කාණ්ඩයෙන් ශ්‍රී ලංකාව වෙනුවට බංග්ලාදේශය සුදුසුකම් ලැබුවහොත් බංග්ලාදේශය D2 ලෙස සුපිරි 8 වටයේ දී සැලකීමට නියමිතව තිබෙනවා.

  • සුපිරි 8 වටයේ දී පළමු කාණ්ඩය සදහා A1, B2, C1, D2 ඇතුළත් කරනු ඇති. එනම්, ඉන්දියාව, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය හා ශ්‍රී ලංකාව යන රටවල්. (සුදුසුකම් ලැබුවහොත්)
  • A2, B1, C2, D1 දෙවැනි කාණ්ඩයට ඇතුළත් කෙරෙන අතර, ඒ අනුව දෙවැනි කාණ්ඩයෙන් තරග වැදීමට නියමිතව ඇත්තේ (සුදුසුකම් ලැබුවහොත්) පාකිස්තානය, එංගලන්තය, බටහිර ඉන්දීය කොදෙව් හා දකුණු අප්‍රිකාවයි.

අනතුරුව එක් එක් කාණ්ඩයේ ඉදිරියෙන් පසුවන රටවල් දෙක බැගින් අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලබන අතර, අවසන් පූර්ව තරගවලින් ජය ගන්නා කණ්ඩායම් දෙක අවසන් මහා තරගය සදහා සුදුසුකම් ලබා ගැනීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...