දෙවැනි දිනයේ දී දෙවැනි ටෙස්ට් තරගය අවසන් වෙයි – ඉන්දියාවට කඩුලු හතක ජයක්

Date:

දකුණු අප්‍රිකාව සමග පැවැති දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු හතක ජයක් වාර්තා කරමින් දෙරට අතර පැවැති ටෙස්ට් තරගාවලිය තරග 1-1 ක් ලෙස සම තත්ත්වයෙන් අවසන් කර ගැනීමට සංචාරක ඉන්දීය කණ්ඩායම අද(4) සමත් වුණා.

කේප් ටවුන් හි නිව්ලන්ඩ්ස් ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ දෙවැනි දිනය වූ අද දිනයේ දී තරගය ජය ගැනීම සදහා ලකුණු 79 ක ඉලක්කයක් හඹා ගිය ඉන්දියාව කඩුලු 3 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කර ගියා.

යශස්වි ජයිස්වාල් ලකුණු 28(23) ක් රැස් කළ අතර, රෝහිත් ෂර්මා නොදැවී ලකුණු 16 ක් ලබා ගත්තා. ෂුබ්මන් ගිල් ලකුණු 10 කට දැවී ගියා. විරාත් කෝලි ලකුණු 12  යි.

දිනය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි දකුණු අප්‍රිකාව කඩුලු 3 ක් දැවී ලකුණු 62 ක් ලබා සිටි අතර, ඔවුන් සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 176 ක්.

සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ ඒඩ්න් මාක්‍රම් ලකුණු 106 ක් ලබා ගත්තේ පන්දු 103 කින්. ඉනිමේ දෙවැනි වැඩිම ලකුණුලාභියා වූයේ ලකුණු 12 ක් රැස් කළ ඩීන් එල්ගර්.

පන්දු යැවීමේ දී ජස්ප්‍රිට් බුම්රා ලකුණු 61 කට කඩුලු 6ක් දවා ගැනීමට සමත් වුණා. මුකේෂ් කුමාර් බිද හෙලූ කඩුලු ගණන දෙකක්.

තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකා වැඩබලන නායක ඩීල් එල්ගර් පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර, ඔවුන්ට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 55 ක් පමණයි.

පිළිතුරු ලෙස ඉන්දියාව පළමු ඉනිමට ලබා ගත් ලකුණු සංඛ්‍යාව 153 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...