IPL 2020 : M 13 – මුම්බායි අද යළි තරග පිටියට – Preview

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 13 වන තරගය අද පැවැත්වෙනවා.

ඒ, මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ කිංග්ස් ඉලවන් පන්ජාබ් කණ්ඩායම අතරයි.

තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 7.30ට අබුඩාබිහී දී ආරම්භ වනු ඇති.

ආබාධයකට ලක්ව සිටි මුම්බායි කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක නේතන් කෝල්ට-නයිල්ගේ ශාරීරික යෝග්‍යතාවය සම්බන්ධයෙන් මෙතෙක් නිල තොරතුරු වාර්තා වන්නේ නැහැ.

ඔහු සුදුසු ශාරීරික යෝග්‍යතාවයකින් පසුවන්නේ නම් අද තරගයේ දී බොහෝ විට ජේම්ස් පැටින්සන් වෙනුවට නේතන් කෝල්ට-නයිල් මුම්බායි කණ්ඩායම සදහා ක්‍රීඩා කිරීමට වැඩි අවස්ථාවක් පවතින බව සදහන්.

ආබාධය නිසා නේතන් කෝල්ට-නයිල්ට මෙවර තරගාවලියේ දී මෙතෙක් කිසිදු තරගයක් ක්‍රීඩා කිරීමට හැකි වූයේ නැහැ.

කිංග්ස් ඉලවන් පන්ජාබ් කණ්ඩායම මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ 5 වන ස්ථානයේ පසුවන්නේ ක්‍රීඩා කළ තරග තුනෙන් එක් තරගයක් ජය ගනිමින්.

මුම්බායි කණ්ඩායම ද සහභාගී වූ තරග තුනෙන් එක් තරගයක් ජය ගත් අතර, ඔවුන් ප්‍රසාද ලකුණු සටහනේ 6 වන ස්ථානයේ රැදී සිටිනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...