තවත් ප්‍රබල දකුණු අප්‍රිකා ක්‍රීඩකයෙකුට දෙවැනි ටෙස්ට් තරගය අහිමි වෙයි

Date:

ආබාධ තත්ත්වයක් (pelvic inflammation) හේතුවෙන් දකුණු අප්‍රිකා වේග පන්දු යවන ක්‍රීඩක ජෙරාල්ඩ් කොට්සියාට ඉන්දියාව සමග පැවැත්වීමට නියමිත දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඔහු වෙනුවට වෙනත් කිසිදු ක්‍රීඩකයෙකු දකුණු අප්‍රිකා සංචිතයට ආදේශ කිරීමට එරට ක්‍රිකට් ආයතනය පියවර ගෙන නැහැ.

ඉන්දියාව සමග පැවැති පළමු ටෙස්ට් තරගයේ දී කොට්සියා අදාළ ආබාධයට මුහුණ දී ඇති අතර, අනතුරුව සිකුරාදා දිනයේ දී ඔහුව වෛද්‍ය පරීක්ෂණ සදහා යොමු කර තිබුණා.

අනතුරුව පූර්ව ආරක්ෂක පියවරක් ලෙස ඔහුව සංචිතයෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ජනවාරි 10 වැනිදා ආරම්භ වීමට නියමිත SA20 තරගාවලිය සදහා ඔහුට ක්‍රීඩා කළ හැකි දැයි මෙතෙක් අනාවරණය වන්නේ නැහැ.

මීට පෙර දකුණු අප්‍රිකා නායක ටෙම්බා බවුමා ද පළමු ටෙස්ට් තරගයේ දී ආබාධයකට මුහුණ දුන් අතර, ඒ හේතුවෙන් ඔහුට ද දෙවැනි ටෙස්ට් තරගයෙන් ඉවත් වීමට සිදු වුණා.

ඉන්දියාව හා දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන අවසන් ටෙස්ට් තරගය ජනවාරි 3 වැනිදා කේප් ටවුන් හී දී ආරම්භ වීමට නියමිතයි.

සෙන්චූරියන්හී දී පැවැති පළමු ටෙස්ට් තරගය දින තුනක කාලයක් තුළ අවසන් වූ අතර, එම තරගයෙන් ඉන්දියාව ඉනිමක හා ලකුණු 32 ක පරාජයක් ලැබුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...