දෙවැනි 20යි 20 වැස්සට සේදෙයි

Date:

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර පැවැති දෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය වර්ෂාව සහිත අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රතිපලයකින් තොරව අද(29) නිමා වුණා.

Mount Maunganui හී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශය පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව නවසීලන්තයට ලබා දුන්නා.

කෙසේ වෙතත්, පන්දුවාර 11 ක් අවසානයේ දී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර, අනතුරුව තරගය යළි ආරම්භ කිරීමට නොහැකි වූ බැවින් තරගය ප්‍රතිපලයකින් තොරව නිමා කෙරුණා.

පළමු කඩුල්ල ලෙස ෆින් ඇලන් ලකුණු දෙකකට දැවී ගියා. ටිම් සයිෆර්ට් පන්දු 23 කින් ලකුණු 43 ක් ලබා ගත්තා. තරගය නතර කරන විට ඩැරල් මිචෙල් නොදැවී ලකුණු 18 ක් හා ග්ලේන් පිලිප්ස් නොදැවී ලකුණු 9ක් ලබා කඩුල්ලේ රැදී සිටියා.

පන්දු යැවීමේ දී ශොරිෆුල් ඉස්ලාම් හා ටන්සිම් හසාන් සකිබ් කඩුල්ල බැගින් බිද හෙලුවා.

නවසීලන්ත-බංග්ලාදේශ පළමු පන්දුවාර 20යි 20 තරගයෙන් බංග්ලාදේශය කඩුලු පහක ජයක් වාර්තා කළා.

ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග තුනකින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය තරග 1-0 ලෙස තවදුරටත් පෙරමුණේ පසුවන්නේ බංග්ලාදේශයයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...