අන්ත පරාජයෙන් පසු ඉන්දීය ටෙස්ට් සංචිතයට වෙනසක්

Date:

දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා වන ඉන්දීය සංචිතයට මෙතෙක් ටෙස්ට් වරම් දිනා නොමැති අවේශ් ඛාන් කැදවා තිබෙනවා.

ඒ, සෙන්චූරියන්හී දී පැවැති පළමු ටෙස්ට් තරගයෙන් ඉන්දියාව ඉනිමක හා ලකුණු 32 ක පරාජයක් ලැබීමෙන් දිනකට පසුවයි.

වළලුකර ආබාධයක් හේතුවෙන් තරගාවලියෙන් ඉවත් වීමට සිදු වූ මොහමඩ් ෂාමි වෙනුවට අවේශ් ඛාන් මෙලෙස ආදේශ කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

දකුණු අප්‍රිකාවට එරෙහි එක්දින තරගාවලිය සදහා අවේශ් ඛාන් ඇතුළත්ව සිටි අතර, ඉන්දීය A සංචිතය සමග මේ වන විටත් ඔහු එරට රැදී සිටිනවා.

අද දිනයේ දී Benoni හී දී නිමා වූ ඉන්දීය A කණ්ඩායම හා දකුණු අප්‍රිකා A කණ්ඩායම අතර පැවැති දෙවැනි සිව්දින තරගයේ දකුණු අප්‍රිකා පළමු ඉනිමේ දී කඩුලු 5 ක් දවා ගැනීමට අවේශ් ඛාන් සමත් වුණා.

මේ දක්වා පළමු පෙල තරග 39 ක් ක්‍රීඩා කර ඇති ඔහු දවා ගෙන ඇති කඩුලු ගණන 154 ක්. එක්දින ජාත්‍යන්තර තරග 8කදී හා 20යි 20 ජාත්‍යන්තර තරග 19 කදී ඉන්දියාව නියෝජනය කර ඇති අවේශ් ඛාන් එහිදී දවා ගෙන ඇති කඩුලු ගණන 27 ක්.

දෙරට අතර පැවැත්වෙන අවසන් ටෙස්ට් තරගය ජනවාරි 3 වැනිදා කේප් ටවුන් හී දී ආරම්භ වීමට නියමිතයි.

දින තුනක් තුළ දී නිමා වූ පළමු තරගයේ දී ලද අන්ත පරාජය හේතුවෙන් දෙවැනි ටෙස්ට් තරගය සදහා ඉන්දියාවෙන් වෙනස්කම් කිහිපයක් සිදු විය හැකි බවට අපේක්ෂා කෙරෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...