දකුණු අප්‍රිකානු නායකයාට අවසන් ටෙස්ට් තරගය අහිමි වෙයි

Date:

දකුණු අප්‍රිකානු නායක ටෙම්බා බවුමාට ඉන්දියාව සමග පැවැත්වීමට නියමිත දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, සෙන්චූරියන් හී දී පැවැති පළමු ටෙස්ට් තරගයේ දී ඔහුගේ පාදයක සිදු වූ ආබාධය හේතුවෙන්.

තරගයේ පළමු දිනයේ දී පන්දු රකිමින් සිටියදී බවුමා මෙම ආබාධයට මුහුණ දුන් අතර, ඒ හේතුවෙන් ඔහුට දකුණු අප්‍රිකා පළමු ඉනිමේ දී පන්දුවට පහර දීමට ද හැකි වූයේ නැහැ.

ඔහු නොමැති බැවින් අවසන් ටෙස්ට් තරගයේ දී දකුණු අප්‍රිකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ඩීන් එල්ගර්ට පැවරී තිබෙනවා.

පළමු තරගයේ දකුණු අප්‍රිකා පළමු ඉනිමේ දී ලකුණු 185 ක් රැස් කළ ඔහු ක්‍රීඩා කරන අවසන් ජාත්‍යන්තර තරගය වන්නේ ද ඉන්දියාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයයි.

පළමු ටෙස්ට් තරගයේ දී ද බමුවාගේ ආබාධයෙන් පසුව කණ්ඩායමේ වැඩබලන නායකයා ලෙස එල්ගර් කටයුතු කළා.

මේ අතර, බවුමාට දෙවැනි ටෙස්ට් තරගය අහිමි වීමත් සමග දකුණු අප්‍රිකා ටෙස්ට් සංචිතය සදහා Zubayr Hamza ඇතුළත් කර තිබෙනවා.

දකුණු අප්‍රිකාව හා ඉන්දියාව අතර පැවැති පළමු ටෙස්ට් තරගයෙන් දකුණු අප්‍රිකාව අද ඉනිමක හා ලකුණු 32 ක ජයක් වාර්තා කළ අතර, දෙවැනි ටෙස්ට් තරගය එළඹෙන 3 වැනිදා කේප් ටවුන් හී දී ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...