පළමු ටෙස්ට් තරගයෙන් ඉන්දියාවට ඉනිමක හා ලකුණු 32 ක අන්ත පරාජයක්

Date:

දකුණු අප්‍රිකා වේග පන්දු යවන්නන්ගේ විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ දෙරට අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ඉනිමක හා ලකුණු 32 ක දැවැන්ත පරාජයක් අත්කර ගැනීමට සංචාරක ඉන්දීය කණ්ඩායමට අද(28) සිදු වුණා.

සෙන්චූරියන් හී දී පැවැති තරගයේ තෙවැනි දිනය වූ අද දිනයේ දී සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාවට පන්දුවාර 34.1 කදී සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 131 ක් පමණයි.

විරාත් කෝලි ලකුණු 76ක් ලබා ගත් අතර, ෂුබ්මන් ගිල් ලකුණු 26 කට දැවී ගියා. සෙසු කිසිදු පිතිකරුවෙකු ලකුණු 10 සීමාව පසු කළේ නැහැ.

සුපිරි පන්දු යැවීමක නිරත වූ නන්ඩ්‍රි බර්ගර් ලකුණු 33කට කඩුලු 4 ක් දවා ගනිමින් ඉන්දීය ඉනිම සම්පූර්ණයෙන්ම අඩපන කළා. මාර්කෝ ජන්සෙන් කඩුලු 3ක් බිද හෙලුවේ ලකුණු 36 ක් ලබා දෙමින්. කාගිසෝ රබාඩා කඩුලු දෙකක් දවා ගත්තා.

අද දිනයට තරගය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි දකුණු අප්‍රිකාව කඩුලු 5ක් දැවී ලකුණු 256 ක් ලබා සිටි අතර, ඔවුන් සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 408 ක්.

විශිෂ්ඨ පිතිහරඹයක නිරත වූ ඩීන් එල්ගර් සිය අවසන් ටෙස්ට් තරගාවලියට අමතක නොවන ආරම්භයක් ලබා ගත්තේ ලකුණු 185 ක් ලබා ගනිමින්. පන්දු 287 කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හතරේ පහර 28 ක් ඇතුළත් වුණා.

මාර්කෝ ජන්සෙන් නොදැවී ලකුණු 84 ක් ලබා ගත් අතර, David Bedingham ලකුණු 56 ක් රැස් කළා. පළමු දිනයේ දී පන්දු රකිමින් සිටියදී පාදයක ආබාධයකට ලක් වූ නායක ටෙම්බා බවුමා දකුණු අප්‍රිකා පළමු ඉනිම වෙනුවෙන් පිතිකරණයේ නිරත වූයේ නැහැ.

පන්දු යැවීමේ දී ජස්ප්‍රිට් බුම්රා ලකුණු 69 කට කඩුලු 4ක් දවා ගත් අතර, මොහමඩ් සිරාජ් කඩුලු දෙකක් බිද හෙලුවා.

තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ඉන්දියාව පළමු ඉනිමට සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 245 ක් පමණයි. කේ එල් රාහුල් ලකුණු 101 (137) ක් රැස් කළේ හයේ පහර 4ක් හා හතරේ පහර 14 ක් සමගින්. පන්දු යැවීමේ දී කාගිසෝ රබාඩා ලකුණු 59 කට කඩුලු 5 ක් දවා ගත් අතර, නන්ඩ්‍රි බර්ගර් ලකුණු 50 කට කඩුලු 3ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...