ගිලිහුණු උඩ පන්දුවෙන් පසු ගොඩ නැගුණු මාෂ්-ස්මිත් සම්බන්ධය හමුවේ තරගයේ වැඩි වාසි ඔස්ට්‍රේලියාවට

Date:

සංචාරක පාකිස්තාන කණ්ඩායම හා ඔස්ට්‍රේලියානු කණ්ඩායම් අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අද(28) නිමා වුණේ තරගයේ වැඩි වාසි ඔස්ට්‍රේලියාවට හිමි කර දෙමින්.

මෙල්බර්න් හී දී පැවැත්වෙන තරගය අද දිනයට නතර කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඔස්ට්‍රේලියාව කඩුලු 6ක් දැවී ලකුණු 187 ක් ලබා සිටියා. ඒ අනුව ඔවුන් දෙවැනි ඉනිමේ දී මේ වන විට ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 241 ක්.

ඔස්ට්‍රේලියානු ඉනිමේ පළමු කඩුලු 4 ලකුණු 16 ක් තුළ බිද වැටුණා. උස්මාන් කවාජා ලකුණු නොලබාත්, මර්නස් ලබුෂේන් ලකුණු 4කටත්, ඩේවිඩ් වෝනර් ලකුණු 6කටත්, ට්‍රැවිස් හෙඩ් පළමු පන්දුවෙනුත් දැවී ගියා.

තරගයේ ජයග්‍රහනය සිය කණ්ඩායමෙන් ගිලිහෙමින් තිබූ එම අවස්ථාවේ දී 5 වැනි කඩුල්ල සදහා ලකුණු 153 (267) ක සම්බන්ධතාවයක් ගොඩ නගමින් තරගයේ පාලනය යළි සිය කණ්ඩායම දෙසට නතු කර ගැනීමට ස්ටීවන් ස්මිත් හා මිචෙල් මාෂ් සමත් වුණා. මුළු ලකුණු පුවරුව 46 ක් ලෙස සටහන්ව තිබියදී මාෂ් ලබා දුන් උඩ පන්දුවක් ස්ලිප්හි පන්දු රකිමින් සිටි අබ්දුල්ලාහ් ශෆික් අතින් ගිලිහී යාම එම සම්බන්ධතාවයට මනා පිටුවහලක් වුණා.

එම සුපිරි සබදතාවය බිද වැටුණේ මාෂ් ලකුණු 96 ක් ලබා සිටියදී මීර් හම්සාගේ පන්දුවක් හමුවේ දැවී යාමත් සමගයි. පන්දු 130 කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හතරේ පහර 13 ක් ඇතුළත්.

ස්ටීවන් ස්මිත් ලකුණු 50 කට දැවී යාමත් සමග තරගය අද දිනයට නතර කෙරුණා. ඇලෙක්ස් කෙරී නොදැවී ලකුණු 16යි.

පන්දු යැවීමේ දී ශහීන් ශාහ් අෆ්රිඩි හා මීර් හම්සා කඩුලු 3 බැගින් බිද හෙලුවා.

තරගය අද දිනය සදහා ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි පාකිස්තානය කඩුලු 6ක් දැවී ලකුණු 194 ක් ලබා සිටි අතර, ඔවුන්ගේ සියලු දෙනා දිවා ආහාරයටත් පෙර දැවී ගියේ මුළු ලකුණු සංඛ්‍යාව 264 ක් ලෙස සටහන්ව තිබියදීයි. ඒ, ඔස්ට්‍රේලියාව පළමු ඉනිමට ලබා ගත් ලකුණු 318 ට පිළිතුරු වශයෙන්.

අබ්දුල්ලාහ් ශෆික් ලකුණු 62 ක්, ශාන් මසූඩ් ලකුණු 54 ක් ලබා ගනිමින් මුල්පෙල ශක්තිමත් කළ අතර, මැදපෙල පිතිකරුවන් අතරින් තරමක් හෝ සාර්ථක වූයේ මොහමඩ් රිස්වාන් පමණයි. ඔහු ලකුණු 42 ක් ලබා ගත්තා. ආමර් ජමාල් නොදැවී ලකුණු 33 ක් හා ශහීන් අෆ්රිඩි ලකුණු 21 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී පැට් කමින්ස් ලකුණු 48 කට කඩුලු 5ක් දවා ගත් අතර, නේදන් ලයන් ලකුණු 73 කට කඩුලු 4 ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...